🌹එකොලොස් වන දිගහැරුම 🌹

694 141 114
                                    

🌹 රෝ ස 🌹

..

..

..

අප්පේ ඇති යාන්තන්....

ශාන් ලොකූ හුස්මක් පහළට දාලා යැංසිගෙ අතක් එහාට මෙහාට පද්දලා කිව්වේ සොහොන දිහා බලාගෙන තමන්ගේ ආච්චිගෙ අවසන් කටයුතු ඔක්කොම අවසන් වුනාට පස්සෙ...

මහන්සිද චූටී මල්ලෝ...

ශාන්ගෙ නළලේ උපන්න දා බිදු කිහිපයක් ‍යැංසි පිහදාලා ඇහුවෙ කොල්ලට මහන්සි පාටක් තිබ්බ නිසා....

පෙරදා රැයේ නිදාගන්නම් කියලා ගිය ශාන් නිදාගත්තෙ ටිකක් රෑ වෙලා... එයාගෙ හිතට සතුටු හිතෙන්න කියලා ශාන් එයාගෙ කඩේ අයියා එක්ක කොච්චර වෙලා මැසේජ් කරාද මන්දා.. අන්තිමට ශාන් නිදාගත්තේ කඩේ අයියගෙන් මැසේජ් එන එක නතර වෙච්ච නිසා...

ඒ මෝඩයා නිදි අප්පා...

ආයේ ඉතින් අවදි කරවලා ඒ මනුස්සයට ශාන්ව එපා කරවන්න හොද නෑ කියලා ශාන්ට හිතුන නිසා ශානුත් එහෙම්ම ඇස් වහ ගත්තා...

නමුත් උදේම අවදි වෙන්න වුනේ අද ආච්චිගෙ අවසන් කටයුතු සිදු වෙන දවස නිසා...

තවමත් ලොකු නැන්දි නම් කාගෙවත් මූණක් බලන්නෙ නැතුව මූණ දෙක කරන් ඉන්නවා.. හැබැයි ශියාඕ කායී නම් හැමෝ එක්කම හොදින් කතා කරමින් මල ගේ කියලා නොබලා හොදින් හිනා වෙමින් පැරණි රස කතා මතක් කරමින් ඉන්නෙ මැරෙන්න කලින් ඔහුගෙ අම්මා ඔහුට විශාල දේපල කුට්ටියක් ලියලා දීපු නිසා... ඒ හිත දුකින් නෙවෙයි.. ඒ හිත ඕනාවටත් වඩා සතුටින්...

දේපල දෙන්නම වුනානේ අන්තිමට පුතාගෙ ආදරේ ලබන්න...

ශාන් නම් කිසිම වැඩකට දායක වුනේ නෑ... හැබැයි යැංසි නිකන් වහලියක් වගේ වැඩ කරද්දි ශූලී ගෙදර විදියටම කුමාරිහාමි වගේ කකුල් උඩට අරන් වාඩි වෙලා ඉද්දි.. ශාන්ටත් නිකන් බලන් ඉන්න බැරි වුනා.. ඒ නිසා කොල්ලා උදව් උනේ එයාගෙ ලොක්කක්කට... හිතින් කොච්චර ශූලිට බැන්නත් මෙතන කෑ ගහලා ලැජ්ජ කරන්න ඕන කමක් ශාන්ට නොතිබ්බ නිසා ශාන් කට පියාගෙන යැංසි එක්ක වැඩ කරා..

චූටී මෙහාට එනවා ටිකක්...

හහ්....

කෑම මේසේ පැත්ත බල බල හිටපු ශාන්ගෙ නමින් කවුරු හරි කතා කරපු නිසා ශාන් ඒ පැත්ත බැලුවෙ... ම්ම්ම්...චාඕ අයියනෙ...

꧁ රෝස ꧂                                              ✓ 𝕐𝕀ℤℍ𝔸ℕ ✓Where stories live. Discover now