" අහම්.... "

මම ඒ පිරිමි ළමයා දිහා බලාගෙන කල්පනා ලෝකෙක ගිලෙද්දි එයා උගුර පාදලා ආඩම්බර හිනාවක් මට දුන්නෙ මගෙ හිතත් එක මොහොතකට ගැස්සිලා යද්දි යි. ඒ හිනාව.... මම මෙච්චර කාලෙකට දැකපු ලස්සනම හිනාව.

" ඔච්චර වර්ණනා නොකරට කමක් නැ ඉතිං.... ලස්සන නිසානෙ මේ ඔක්කොම "

එ පිරිමි ළමයා නාට්‍යානුසාරිව එහෙම කියනකොට මගෙ කටිනුත් හිනා⁣වක් පැන්නා.  ඒකටත් එ කොල්ලා මගෙ දිහා බලල ගස්සලා අහක බලාගත්තා. ඇයි යකඩො.... ලොකු කොල්ලෙක් නෙද මේ දහඅටක ලමිස්සියෙක් වගෙ හැසිරෙන්නෙ.

කවුද ඇත්තටම මේ. එයාට මම හි⁣තන දේවල් ඇහෙනවද ?

" හරි.. ඔයා කවුද....? කොහොමද මාව පෙන්නෙ ඔයාට...? ඔයාට මම හිතන ඒවා ඇහෙනවද ? එ කොහොමද ? "

" හොව් හොව් හොව්..... යාාාහ්.... එක පාරට ඔහොමත් අහනවද... එක ප්‍රශ්නෙ ගානෙ හිමිට අහන්න "

මේ මනුස්සයා විකාර කියවනවා. මම හොඳටම කලබල වෙලා ඉන්නෙ මේ වෙන දේවල් වලට.

" හරි හරි.... අහන්නකො.. මම කියන්නම්... ඔයා හිතනවා වැඩියි ඕනවට වඩා ලමයෝ "

මුකුත් නොකියා මම එයා දිහා බලාගෙන හිටියා.

" පලවෙනි එකට උත්තරෙ... මම වන්ග් යිබෝ..... මම කවුද කියලා කියන්න බැහැ දැන්ම ඔයාට, හැබැයි මම විශේෂ කෙනෙක්... ඒ විශේෂ කම තමයි මට ඔයාලා වගෙ අයව දකින්න පුලුවන් වෙන එක "

මොකක්... එ කියන්නෙ..... මෙයා මට විහිලු කරනවද මේ.

" මේක විහිලුවක් නම් අනිත් අයට නොපෙනුන ඔයාව මම දකින්නෙ කොහොමද කියන්නකො ම්ම්ම්...."

".................... "

" හරි හරි අහන්නකො... ඒක මම මෙහෙම කියන්නම්.... ඔයා වගේ ශරීරෙන් මිදුන ආත්ම එක්ක මට කතා කරන්න, දකින්න පුලුවන්. අතරමං වෙලා ඉන්න ඔයාලට හරි පාර හොයලා දෙන එක තමයි මගෙ රාජකාරිය.. මම ඔයාව එක්කන් යන්න ආව දූතයෙක් කියලා හිතන්නකො "

ආත්මයක්.. ශරිරෙන් මිදුන...

" ඔව්... ඔයත් ආත්මයක්.. හොල්මනක් නෙවෙයි... හප්පො..... ඔහොම පුදුම වෙන්න එපා අනේ.. මට ඔයාගෙ ඇස් දිහා බැලුවම හිත කියවන්න පුලුවන් ⁣- හෙ හේ - "

Spirit Angel ♡︎✨️ ( 𝑌𝑖𝑍ℎ𝑎𝑛 | Completed )जहाँ कहानियाँ रहती हैं। अभी खोजें