🌹දසවන දිගහැරුම 🌹

728 134 80
                                    

🌹 රෝ ස 🌹

..

..

..

..

අනේ මන්දා පුතේ මට නම් කිසි වැඩක් කරන්න හිතෙන්නෙ නෑ.. නිකන් තෝන්තුව වගේ....

චූටී බේබී නැතුවද....

ම්ම්ම්ම්...

හිතන්නෙපා පපා.. එයා ඉතින් එයාගෙ ගමන් බිමන් යන්න එපෑනේ.. අපේ ගේ අස්සෙ හැමතිස්සෙම එයාට රිංගන් ඉන්නත් බෑ.. හැමවෙලාවෙම ඔයාටයි මටයි තනි රකින්නත් එයාට බෑ.. අපි එයා එන්න කලින් ජීවත් වෙච්චි විදියට ඉමු... එන්නකෝ අපි දැන් කමු...

දවල් වෙලා.. දවල් නෙවෙයි දැන් හවස් වෙන්නත් කිට්ටුයි.. මේ දෙන්නට කන්න පරක්කු වුනා ඒකයි වුනේ..

උදේ පාන්දරින්ම චූටී බේබී යන්නම් කියලා ගියානෙ..එවෙලෙ ඉදන් යීබෝගේ පොඩි එකා වගේ ඉන්න වන්ග් යී ගෙ මූණ හරි නෑ.. ඔහේ ඉන්නවා බලාගත්තු අත බලාගෙන...

යීබෝ උදේට කන්න කියලා ගෙට එද්දිත් මේ මනුස්සයා කාලා නෑ... ඇහුවම පස්සෙ කන්නම් කියලා නිකන් හිටියා..

යීබෝට උනත් කන්න පිරියක් තිබ්බෙ නෑ. පොඩ්ඩක් ඇදට යන්න ඕනා වගේ හිතුන නිසා කාමරේට යද්දි ඊයේ උදේ ශාන්‍ යීබෝට ගෙනල්ලා දුන්න රතු රෝස මල පරවෙලා ගිහිල්ලා...

ම්ම්.. හරියට මගෙ හිත වගේ...

යීබෝ ඇදේ එක් ඇලයකට හාන්සි වෙලා ඇස් දෙක වහ ගත්තා.. කොහොමත් වැඩි වෙලාවක් ඉන්න බෑ.. අද සිගරැට් වෑන් එකත් එන දවස.. සල්ලි ලෑස්ති කරන්න ඕනේ ඒ මිනිස්සුන්ව රස්‍තියාදු කරන්න බෑ.. මින්ලට උනත් කඩේ වැඩ තනියම කරන්න බෑ.. යීබෝ ඒ පැත්ත බලන්නම ඕනා...

ඊටපස්සෙ හවස් වෙද්දි ෆෝන් කාඩ් වෑන් එක එනවා.. ඒකත් බලන්න ඕනේ... ඒ මොනවා බලන්නත් හිතේ සැනසීමක් තියෙන්නෙ ඕනා...ඒත් කෝ ඒකත් නෑනේ දැන්..

යීබෝ පැයකට කිට්ටු වෙන්න නිදාගෙන ඉදලා තමයි කඩේට ගියේ.. එතන ඉදන් කොල්ලා මේ හවස් වෙලා දවල්ට කන්න එනකල්ම වැඩ....

ජීවිතේ හරි පුදුමයි පුතේ..

ම්ම්.. ඇයි...

අපි මිනිස්සුන්ට ඇබ්බැහි වුනාම අපිට බෑ ඒ මිනිස්සුන්ගෙන් ගැලවෙන්න....

꧁ රෝස ꧂                                              ✓ 𝕐𝕀ℤℍ𝔸ℕ ✓Where stories live. Discover now