🌹 නව වන දිගහැරුම 🌹

712 127 107
                                    

🌹 රෝ ස 🌹

..

..

..

..

දැක්කෙමි රෝස මලක්...
සිනාවෙන් බරවුණ...
පතන්නෙමි ආදරයක්..
හදවතට ලංවුන..

දැනෙන්නෙමි සතුටක්..
දකින ඒ මුහුණට..
බලා සිටිනු මැන...
අපි එක්වනා තෙක්...

❤️ රෝස ❤️

කතාව වෙනුවෙන් ලස්සන වචන ගලපලා පුංචි පඳ වැලක් මට දුන්නෙ kavindikavi නංගා... ඇත්තටම හරිම ලස්සනයි මැණික.. ඒ වගේම ඔයාට ගොඩක් ස්තූතියි..

..

..

..

..

..

මොකද අප්පා කරන්නෙ.. මොකද කරන්නෙ.. මොකද කරන්නේ...

කතා කරලා බලනවද පොඩ්ඩක්.. නැත්තම් රෑ වෙනකල් ඉන්නවද..

ඇගට කඩන් පනීද මන්දා අප්පා.. මහ නපුරනෙ...

ආයීශ්.. මේ කඩේ බුවා මාව පිස්සෙක් කරනවා අප්පා...

අංකල් වන්ග් විතරයි හොද.. අරයා නපුරා.. හුහ්....

ම්ම්ම්...ශාන්... යැංසි පදවගෙන යන වාහනේ ඉදිරියට යද්දි යැංසිගෙ එහා පසින් යැංසි එක්ක කතා කර කර යන ශියාඕ ගුමීගෙ දිහාත් බල බල යන්තමින් කඩෙන් එලියට එද්දි තමන් දිහා මූණ ඔරොප්පු කරගෙන කේන්තියෙන් උන්න ‍යීබෝගෙන් බලෙන් ඉල්ල ගත්ත ෆෝන් නම්බර් එකත් ඩයල් කරගෙන බලන් ඉන්නවා කෝල් කරනවද නැද්ද කියලා හිත හිත...

මන් ඉතින් ආසාවෙන් යන ගමනක් ඈ...

හැමෝම යන නිසා මටත් යන්න වෙනවා කියලා ඒ කඩ කාරයට තේරෙන්නෙ නැද්ද මන්දා අප්පා...

මොකද චූටී පුතා තනියම කුනු කුනු ගාන්නෙ ඈ...

තනියම කියව කියව හිටපු ශාන් උඩ විසික් වෙලා ගුමී දිහා බැලුවේ..

හී හී... මුකුත් නෑ ඉතින්...

කම්මැලීද මගේ මැණිකට...

නෑහ්... ඒම නෑ ඉතින්....

ඒම නැත්තෙ නෑ...

ශාන්ට නිදි මතක් නෑ.. ඒත් ඉතින් කම්මැලි නෑ කියලා නම් කියන්න බෑ.. ඇත්තටම හරිම කම්මැලියි.. මේ සමයන් මළගෙදර නොයා හිටියා නම් උදේම අංකල් වන්ග්වයි අර නපුරු කඩේ හාදයවයි බලලා.. එහෙන් කුක්කු පිටි එකකුත් බඩ පැලෙන්න ගහලා.. අඩු පාඩුවට තඩි කෑම දෙකකුත් බැදගෙන යනවනෙ ඉස්කෝලෙට ඉබි පැටියා වගේ බෑග් එකත් උස්සන්...

꧁ රෝස ꧂                                              ✓ 𝕐𝕀ℤℍ𝔸ℕ ✓Where stories live. Discover now