82 වන පරිච්ඡේදය

Start from the beginning
                                    

"ඉස්කෝලේ යන කොල්ලෝ එතනින් එහාට තව මොනා හිතන්නද බං.. ඇයි උබ කියලා බූද්ධි අංශයෙද ඒ වෙලාවේ මහ පරිමාන ප්ලෑන් ගහලා ඕක විසදන්න.. මං දන්නවා ඒක උබ එහෙම කරේ වෙන කරන්න දෙයක් ඔලුවට ආපු නැති නිසා.. ඇරත් මං විතරක් නෙවෙයි දැන් ඒක දන්නේ"

"මොකක්..?? "

මේ ලොකේ කොහෙවත් සර්ව සම්පූර්ණ මිනිස්සු නෑ තමයි.. කලබලයක් වුන වෙලාවට හරියට හිතලා මතලා තීරන ගන්න පුලුවන් අතලොස්සකටද.. ඒ අතලොස්සටත් වැරදෙන අවස්ථා ඕන තරම්.. ඉතින් දැන් ඒ කිසි දෙයක් පස්සට ගන්න බෑ.. සද්දන්ත අලි ඇත්තු දාලාවත් ඇදලා ගන්න බෑ.. ඒත් මාණික්‍යගේ මුලු ගතම සීතල වෙලා ගියා..

"කවුද..?? අපේ පවුලේ අය නොදන්න කෙ-"

"ඇයි මනරු.."

"මනරු..?"

මාණික්‍යගේ ඇස් ලොකු වුනේ පුදුමය කැවුනු කම්පාවකින්..

"ඌ අද ඒක දැන ගත්තා.. මට තව මේවා දිහා බලන් ඉන්න බෑ ඕයි..! උබලා දෙන්නට කලින් මගේ නහරයක් ගහලා යනවා මං දන්නවා.. බෑනේ බං!! ඕන මගුලක් වෙලා ගිය දෙන් කියලා මං වෙච්ච හැමදේම ඌට කියලා දැම්මා"

ඒත් ඒ කියන දේ අහන් ඉඳලා මාණික්‍ය කලබල වුනා කියලා නම් පෙනුනේ නෑ.. ඒ වෙනුවට එයාට අහන්න දෙයක් තිබ්බා. හරියට ඒ දේ විතරක් දැන ගන්න ඕන වගේ.

"එහෙමවත් එයාගේ හිතේ මං ගැන තෙතමනයක් නෑ කියන්නේ.. මනරුට.. "

"උබට පිස්සුද මාණික්‍ය!? එහෙම නෑ!!"

පබසරගේ කලබලකාරී ප්‍රතිචාරයට මාණික්‍යගේ ඇස් දෙක ආයෙම තෙත් කරලා ඉවරයි.. ඒවා අමුතුවෙන්ම කදුලු වලට කොහොමත් හැඩ ගැහෙන්න අවශ්‍යතාවයක් කොහෙත්ම තිබුනේ නෑ..

"ම්.."

ඉතින් එච්චරයි.. අතේ තිබුනු ටිකට් එකේ ඔය කියන concert එක තියෙන දවස මාණික්‍ය කිසි සද්දයක් නැතුව බැලුවා.. උගුරෙන් පහලට දැනෙන්නේ මොනම හරි දේකින් පිච්චෙනවා වගේ නම්.. අත පය සීතල වෙන හැගීමට තමන්ව තවත් වහගන්න මාණික්‍ය එයාගේ දුර්වලතාවයට කවදාවත් නැතූව අද එයා ඉඩ දුන්නේ නෑ..

"උබ විකාර නම් හිතන්න එපා හොදේ!! එහෙම එකක් නෑ! සිරාවටම කියන්නේ..! හා..! යමංකෝ show එක බලන්න එහෙනම්.. මුලු පරම්පරාවම යනවා ඇතිනේ ඕකගේ නැටිල්ල බලන්න.. අපිත් යමුකෝ!"

කස්තුරි සුවඳ ✓ Where stories live. Discover now