.
.

"ම්ම්" වතුර එකේ මූඩිය ඇරලා ඒක මන් සියෙල්ට දුන්නෙ බොන්න කියලා . ඌ බීලා දුන්නට පස්සෙ

බත් කොලෙත් ගුලි කරගෙන යන්න හදනකොට මූණටම හම්බුනේ ඇමති පුතාව .

සාක්කු දෙකට අත් දෙක දාගෙන අපි දිහා බලාගෙන හිටපු ඌ නක්කල් හිනාවක් දාගෙන මගේ උරහිසෙත් වැදීගෙන යන්න ගියෙ

"ශිෂ්‍ය නායක මහත්තයා අන්සතු මලක පැටලිලා වගෙයි "

ඇහෙන නෑ හෙන ගානට මුමුණ ගෙන .

මන් හැරිලා බැලුවෙ ඒක සියෙල්ට ඇහිලද බලන්න උනත් ඌ ඈත යන ඇමති පුතන්ඩියා දිහා රවාගෙන බලන් ඉන්නවා .

.
.
.

මායි අහල්‍යයි බස් එකෙන් බැහැලා හිමීට හිමීට ගෙදරට යන පාර දිගේ ඇවිදගෙන ආවා . මේ පාරෙ දෙපැත්තෙ ලොකු මාර ගස් වගේම මැයි ගස් තියෙන නිසා වැඩිය අවුව නෑ .
"තමුසෙට කොහෙන්ද හැමදාම කෙහෙල් කොල "

හැමදාම අහන්නයි කියලා හිතාගෙන හිටපු දෙයක් උනත් අමතක උන . අන්තිමට කොහොම හරි මම මතක් වෙලා ආහුවා .

"එහාපැත්තෙ ගෙදරින් "

"හැමදාම ඉල්ලන්න යන්න එපා . ඒ මිනිස්සුන්ට කරදරයක් නේ "

"ඒ නැන්දා කිව්වා ඕන උනාම ඉල්ලන්න කියලා . ඕනෙ නම් කෙහෙල් පලේකුත් දෙන්නම් කිව්වා "

" ම්ම් "

"මන් එකක් ඉල්ලන් හිටවන්නද චූටී බේබී.. "

මන් කොල්ලා දිහා බැලුවා . බැලුව විදිහ අවුල්ද මන්දා කොල්ලා එතනම නතර වෙනකොට මාත් නතර උනා .

"හැම පොඩි දෙයක්ම මගෙන් අහා අහ කරන්න ඕනේ නෑ තේරුණාද "

කොල්ලා ඔලුව උඩ පහල වැනුවේ තේරුණා කියන්න අහිංසක මූණකුත් දාගෙන .

.
.
.

වෙලාව පාන්දර 1.15 යි . සුපුරුදු විදිහට මන් කෝපි කෝපෙකුත් හදාගෙන බැල්කනියට ආවා .

අපේ ගේ තියෙන්නෙ ඉඩමේ අයිනට වෙන්න හදලා නිසා ලොකු මිදුලක් ඉතුරු වෙලා තිබුණා . අයිනෙ හදලා තියෙන නිසාම ගෙට එහාපැත්තෙ තියෙන අතුරු පාරෙ ඉදලා හිටලා යන වාහන වල සද්දෙ ඇහුනත් ඒක එච්චරම අවුලක් උනේ නෑ ..ඒ පැත්තේ තිබුනේ හරි නිස්කලංක පරිසරයක් . අනික ඒ අතුරු පාර කෙලවර උනේ වෙරලෙන් නිසා වැඩි කරදරටක් තිබුනේ නෑ .

උරුමක්කාරයා Where stories live. Discover now