79 වන පරිච්ඡේදය

Start from the beginning
                                    

"ආහ්.. හොඳ වෙලාවට එදාට මැච් වැටිලා නැත්තේ"

ඔක්කොම අස්සේ ඒකත් අමතක වෙයි කියලා මාණික්‍ය බයෙන් හිටියේ. ඒත් වුනෙ නෑ.. ඒ වෙනුවට නැවත දැනුම් දීම් ඕන තරම්..

"ඒක නෙවෙයි මාණි අහන්නකෝ.. "

"ම්..?"

"ඔයාට දැන් කොහොමද..?"

ඇස් පනා පිට කිසිම අහේනියක් නැතුව මාණික්‍ය ඉන්නවා දැක්කත් රක්ෂිත ඔය ප්‍රශ්නය එයා මාණික්‍ය හම්බවෙන ගොඩක් වෙලාවට අහනවා.. අහලා හිත පාරගන්නවා..ඕනම වෙලාවේ එයාගේ බාල සොහොයුරා ලග ඉන්න බැරි වුන දේට තාමත් දුක් වෙනවා..

"මට හොඳයි"

"ඇත්තමද? මොනව වුනත් ඔයාට ඒකට face කරන්න පුලුවන් කියලා හොඳටම sure ද?"

ඉතින් මාණික්‍යට නොදන්නා හේතුව මොකක් වුනත් කලබල වෙලා ඉවරයි.. ඒ ඇයි? එහෙම ප්‍රශ්නයක් අහන්න තරම් මොකක්ද රැයක් එලි වෙද්දි සිද්ධ වෙලා තියෙන්නේ?

ඒත්,

"ඔව්.. What's wrong?? ඇයි අයියා එහෙම ඇහුවේ?"

පුලුවන් කිවිවත් තාමත් තමන්ට තමාවම පාලනය කර ගන්න බෑ කියන්න මාණික්‍ය හොඳටම දන්නවා.. ඉතින් කලබලයි.

"ඔය ඉතින් බලන්නකෝ දරුවෝ.. එහෙම මුකුත් දෙයක් වුනෙ නෑ.. මං ආදරේටනේ ඇහුවේ.. අපි යමු පහලට අක්කා තනියෙම වැඩ"

මාණික්‍ය කලබල වුනාට පස්සේ එයාව සන්සුන් කරන්න ලේසි නෑ.. ඉතින් කර ගත්ත මෝඩ වැඩේට හිතෙන් පසු තැවෙන ගමන් රක්ෂිත එයාගේ මල්ලිගේ ඔලුව අත ගෑවා.. කාලෙකින් දැක්කත් ඒ අවුල් සහගත ජීවිතය තව දුරටත් අවුල් වෙලා යනවා බලන්න එයාට ඕනේ නෑ..

ඒක නිසාම මෙච්චර වෙලා මාණික්‍යගේ ඇදුමට දස වද හිංසා පමුණපු එයාගේ මිනි කොපියත් වඩාගෙන දෙන්නා තුන්දෙනා එක්කම පහලට ගියේ ඒ වෙද්දිත් පහල මහ ගෝසාවක් ඇහෙද්දි.. ඉතින්,

"සුදු මුහුන දැක ගන්න ඉන්නේ බලා~~ මම ආදරෙයි මම ඔබගේ පෙම්වතා~~!"

"තුදු තුදු! තුදු.. තුදු තුදු තුදු මූ~~~~නාහ්හ්හ්!!!"

"ඔබ ලැබුනු මාගේ පෙර පින නිසා..! රැක ගන්නවානේ දිවි ඇති තුරා..!"

කස්තුරි සුවඳ ✓ Where stories live. Discover now