31🚕️💨

222 54 17
                                    

" කවුද උබලා ?! , මං පොලිසියට කෝල් කරනවා !! "

" ටේහියෝන් "

ජන්කුක් ටේහියෝන්ගේ උරහිසෙන් අත තියලා නවත්තන්න කිව්වා. ටේහියෝන් ටිකක් ඔලුව ඇලකරලා ජන්කුක් දිහා බැලුවේ ඇයි අහන්න වගේ.

සොපාවේ සිටි මැදිවයසේ මිනිසා ජිමින් දිහා එක එල්ලේ බලන් ඉදලා කතා කරන්න ගත්තා. 

" ජිමින් ! , පුදුම මුරණ්ඩුකමක් නේ මේක " 

" ඔයා !! මාව බලෙන් බන්දන්න ගියා.... !!! "

එකපාරටම මැදිවයසේ මිනිසාට වඩා දෙගුණයක් හයියෙන් ජිමින් කෑගැහුවා. 

ජිමින්ගේ කෑගැහිල්ලට කොච්චර බය හිතෙනවද කියනවනම් ජන්කුක් ටේහියෝන් එකවිනාඩියෙන් දෙන්නට දෙන්නා අත් අල්ලගත්තා. කොටින්ම ටේහියෝන්ගේ ගෙදර වටේ ඇවිද ඇවිද ඉන්න කලූ කෝට් ඇදගත්තු උස මහත මිනිස්සුත් ගැස්සිලා ගියා. 

හැබැයි ඒ අතරේ මැදිවයසේ ඉන්න මනුස්සයා එහෙම නැත්තන් මිස්ටර් පාර්ක් ලගින් වාඩිවෙලා හිටිය අනිත් තරුණ පිරිමි ළමයා සන්සුන්ව වාඩිවෙලා ඉන්න ගමන් " කොච්චර කාලෙකට පස්සෙද මේ ආයේ යුද්දයක් ඇහෙන්නේ " කියලා මිමිනුවා. 

" මම බන්දන්න ගියේ නාකියෙක්වද ? "

" මන් ඒක දන්නෑනේ..... ! මං බදින එකාගේ මුණත්තහඩුවවත් කලින් පෙන්නලා තියෙන්න ඕනේ නැද්ද ? "

ඒඅස්සේ ජන්කුක්ට වෙනම ප්‍රශ්නයක් ,

" එයා මට මුණත්තහඩුව කිව්වා !!" 

ජන්කුක් මූණත් ඇඹුල් කරන් ටේහියෝන්ට කියනකොට ටේහියෝන් ජන්කුක්ගේ ඔලුව අතගෑවේ ගණන් ගන්න එපා කියන්න වගේ. 

" මං හිතුවේ ඔයාව සප්‍රයිස් කරන්න...." 

" ඉතිං !! එහෙම උනාද? ආහ් උනාද ?!! " 

" නෑ තමා මමනේ සප්‍රයිස් උනේ ඒකෙන් ! "

" හැහ් " 

ජිමින් අඩිය හප්පන ගමන් පපුව හරහා අත්බැදගත්තා.  

" රූඩි මේ ළමයට කියන්න කරුණාකරලා ගෙදර එන්න කියලා  "

මිස්ටර් පාර්ක් තමන් ළගින් වාඩිවෙලා ඉන්න තරුණයට කිව්වත් එයා නෙමේ ගණන් ගත්තේ රූඩි කලේ තාත්තා දිහයි පුතා දිහයි මාරුවෙන් මාරුවට බලන ගමන් සන්සුන්ව වාඩිවෙලා හිටිය එක. 

Driver ? or Husband ?Where stories live. Discover now