73 වන පරිච්ඡේදය

Start from the beginning
                                    

ඒ ගියත් එකිනෙකාගෙන් ඈත් වෙන්න ඕන වුනේ දේපාර්ශවයටම නෙවෙයි.. හිතේ නිදහසේ සිප ගන්න, වැලදගන්න, එකිනෙකාට ස්පර්ශ කරන්න මේ ලැබුනු නිදහසෙන් තත්පරයක්වත් අහකක දාන්න දෙන්නගෙන් කාටවත් ඕන වුනේ නෑ.. ඒත්,

"ෂර්ට් එක"

මනරුගේ තොල් වලින් ඈත් වුනු මාණික්‍ය ටිකකට ඈත් වෙලා මනරු ඇදන් හිටපු සුදු පාට ටී ෂර්ට් එක උනෙන් ටිකක් උඩට උස්සන ගමන් ඒ කිව්වේ මනරුගේ අවසර ඉල්ලන්න නෙවෙයි.. මොකද මනරු මොනවත් කියන්න කට අරින්න කලින් මාණික්‍ය එයාගේ උඩු කය නිරුවත් කරලා ඉවරයි..

"ඔය මොකක්ද? "

ඉතින් මාණික්‍ය අනිත් පැත්තට අතට ගත්තේ එයා එන ගමන් අරන් ආපු පෙට්ටිය..

"එන්න.."

ප්‍රශ්නයට උත්තරයක් වෙනුවට ඒ කියන ගමන් මාණික්‍ය මනරුව තමන් ගාවට ඇදගෙන ඇදේ ඉස්සරහා ඉඳගත්තේ අන්තිමට එයාව තමන්ගෙ කකුල් දෙක මැද්දේ හිර කරන්..

"මාණික්‍ය.."

"Happy birthday.."

අතේ තිබුනු රිදී පාටින් දිලිසෙන මාලයක් වගේ දෙයක් අරට අරන් මාණික්‍ය ඒ කිව්වේ මනරුගේ මූන දිහා බෙල්ල උස් කරන් බලාගෙන.. ඉතින් මනරු තාම සද්ද නෑ.. ඒ සද්ද නැති අතරේ මාණික්‍ය එයා අතේ තියන් හිටපු මාලයක් වගේ දේ මනරුගේ ගෙල වටේ වෙනුවට බඳ වටේ අරන් ගිහින් ගාන්ජුව දාද්දි මනරු ඒ දිහා බලන් හිටියේ ඒකට ප්‍රතිචාර දක්වන විදිහක් හිතා ගන්න බැරුව.. ඒත් මනරුගේ බද වටේට දැම්ම රිදි පාටින් දිලිසෙන දිලිසෙන දම්වැල් දාමය දිහාවේන් මාණික්‍යට ඇස් ගන්න බැරි තරම්..

ඒ ලෝභ කමින් එයා මනරුගේ යටි බඩ උඩින් හිපුමක් තිබ්බේ ඒ ඉන වටේට අත් යවන ගමන්.. ඉතින්.. මනරුගේ ඇස් ඒ ස්පර්ශට පිය වුනා.. පිය වුනා විතරක් නතර වුනේ නැත් මනරුගේ අත් මාණික්‍යගේ හිස පුරාම දුවලා තව තවත් ඒ දෙතොලේ ස්පර්ශය ඉල්ලද්දී..

ඉතින් මාණික්‍යගේ නැවතුමක් නෑ.. මනරුගේ කෙදිරියේ අවසානයකුත් නෑ.. ඒත්, සිපගැනීම එතනින් උඩටත් අරන් ගිය මාණික්‍ය අන්තිමට නැගිටලා මනරු මෙච්චර වෙලා හිටපු දැහැන බිදන් කෙලින් වුනේ වෙන මුකුත් නිසා නෙවෙයි.

කස්තුරි සුවඳ ✓ Where stories live. Discover now