🌹 හය වන දිගහැරුම 🌹

760 155 171
                                    

🌹රෝ ස 🌹6

..

..

..

..

මමියෝ... ඒනම් චූටී පුතා යනෝ හොදේ...

හහ්.. මේ මොකෝ චූටී පුතා මේ...

ශියාඕ ගුමී... කුස්සියේ බිත්තියෙ එල්ලලා තියන බිත්ති ඔරලෝසුව දිහා සැලකිල්ලෙන් බලලා මෙච්චර උදෙන් ආට් ස්කූල් එකට යන්න ලෑස්ති වෙලා ඉන්න තමන්ගෙ චූටී පුතා දිහා බැලුවෙ කුතුහලයෙන්...

මන් ඉතින් යන්න කියලා අනේ...

මෙච්චර උදෙන්..

තාම උදේ හතයි දහයයි.. ආට් ස්කූල් එක පටන් ගන්නෙ නවට නම් මෙච්චර උදෙන් යන්න ඕන නෑනේ...

අහන්නකෝ මගේ සුදු මමියෝ...

ම්ම්ම්..

උදේට පැයකුයි.. හවසට පැයකුයි මට කෙනෙක් වෙනුවෙන් වෙන් කරන්න වෙලානේ....

... මොකක්ද කියන්නෙ චූටී පුතා...

ගමට ඇවිල්ලා දවස් හතරයි.. ආට් ස්කූල් එකට ගිහින් තාම එක දවසයි.. මේ දරුවා මෙච්චර ඉක්මනින් ගෑණු ළමයෙක් වත් හොයා ගෙනද.. දෙයියනේ අර වලව්වෙ මහා මිනිහගෙන් විසුමක් නම් වෙන එකක් නෑ...

මගෙ පරණ හොදම යාලුවා මට ආයේ හම්බුනානේ... මමා... මට එයා ලග ඉන්න ඕනේ මමා...

ඔයා මොනවද පුතා කියන්නෙ.. මට තේරෙන්නෙ නෑ...

උයන එක පැත්තකට දාලා ගුමී අල්ල ගත්තේ ශාන්ගෙ අතකින්.. මේ දරුවා මොනවද මේ කියවන්නෙ.. ගුමී නොදන්න පුංචි කාලේ ශාන්ගේ යාලුවා.. හොදම යාලුවා කවුද...

ඔයාට මතක නැද්ද මමා... මට ගොඩාරියක් එයා ආදරේ කරා.. එයාට හරි ලස්සන හිනාවක් තිබ්බා.. ඉස්සර මන් එයාව දකින්න උදේම දුවනවා...

꧁ රෝස ꧂                                              ✓ 𝕐𝕀ℤℍ𝔸ℕ ✓Where stories live. Discover now