Chapter 7💖

94 11 4
                                    

අපේ අක්කා දන්නවා කොහොමද මාව යවා ගන්නේ කියලා...මම එයාට ඇනයක් වෙන්න එන හැම වෙලාවක්ම එයා මොකක් හරි කරලා මට එතන ඉන්න බැරි කරවලා මාව යවා ගන්නවා...ඉතින් මම කෙලින්ම ගිහින් නැවතුනේ මගේ කාමරේ...ඒක තමයි මැගේ එකම සැනසීම...

අනෙ අම්මේ, අද නම් මොන නැකතින් මම ඇඳෙන් බිමට අඩිය තියලද මම දන්නෙ නෑ...ඊට පස්සෙ දැක්ක දර්ශනේ කලින් එකට හපන්....

*********************************

වෙනදා වගේ ම ඉවක් බවක් නැතුව කාමරේට දුවගෙන ගිය මට මූණ දෙන්න සිද්ද වුනේ කොහෙත්ම බලාපොරොත්තු වුන දෙයක් නෙවෙයි...දුවන් ගියපු මම ගිහින් වැදුනේ තඩි බිත්තියක..බිත්තියක් කිව්වට ඉතින් ඒක සාමාන්‍ය බිත්තියක් නෙවෙයි. ඒක සුවඳ ගහන බිත්තියක්...

හ්හ්හ්ම්ම්ම්ම්....

ඤොක් ගාලා වැදුන නහයෙන්ම මම හොඳ හුස්මක් උඩට ඇදලා ගත්තේ ආව සුවඳට ඉව අල්ලන ගමන්...අම්මෝ ඒ සුවඳ...මොකද්දෝ හරි සියුම් සුවඳක්...නහය කඩාගෙන යන සැර මගුලක් නෙවෙයි... මොකද්ද ඒ සුවඳ, හරියට මීටර් වෙන්නෙත් නෑ අප්පා...නහය වැදුන පාරට මගේ මොලෙත් අවුල් වෙලාද කොහෙද.....

ආ...හරි මතක් වුනා...ඒ ආවේ සඳුන් සුවඳක්..මම ඒ හිත නිවන සුවඳට ඉව අල්ලගෙන ඉද්දි මම ඒ බිත්තියටම ඇලිලා ඉඳලා කියලා තේරුනේ කන ගාවින්ම ඇහුන සද්දෙන්....

දැන්වත් අයින් වෙනවද? මට මෙතන ඉව අල්ල අල්ල ඉන්න බලු පැටව් හුරතල් කරන්න වෙලාවක් නෑ....

මම එහෙම්මම උඩ බැලුවේ, නපුරු ඇස් දෙකක් මගේ දිහා කන්න වගේ බලාගෙන ඉද්දී...

ඉක්මනට එතනින් අයින් වුන මට වැරදිලා ආයෙත් ඒ මූන දිහා බැලුනා...

තාමත් යක්ෂ මූඩ් එකෙන් මගේ දිහා බලන් ඉන්න ගල් මූසලයට මම මෝඩ හිනාවක් දාලා ශේප් එකේ  මාරු වෙන්න හැදුවත් මගේ අකීකරු ඇස් දෙක එයාගේ නිරුවත් උඩු කය පුරා වටයක් කැරකුනේ එකපාරට මට යන එන පාරවලුත් අමතක කරවලා....

ගානට මේන්ටේන් කරලා තිබුණ එයාගේ දෙකට බෙදුන පුළුල් පපුව, ශේප් එකට හදලා තියන abs...V shape upper body එක, කියලා වැඩක් නෑ එයා නම් real handsome කොව්වෙක්....

We met again (Yizhan ff💯✅)Where stories live. Discover now