බල්ලගෙන් පටන් අරන් මැක්කගෙන් ඉවර වුණා වගේ එකක් නේ ඒ උනේ .

කොහොම හරි ශ්‍රී මෙ වගේ මගුලක් ඔලුවේ දාගෙන කියලා දැනගත්තොත් නම් මිනිහගෙ නැන්දම්මා එක්ක වසන්න නෙවේ . මොනා උනත් මට වගකීමක් තියෙනව ඌ මගෙ අයියව බදින්න යන එකා නිසා අමාරුවෙ වැටෙන්න යනකොට මට අහක බලාගෙන ඉන්න පුලුවන් ද. මන් දන්නෙ නෑ ඌ මන් ගැන මොන විදිහකට හිතා ගෙන ඉන්නවද කියලා නම් . අයියා ඉන්න කොට වෙනම චරිතයක් , අයියා නැති තැන වෙනමම චරිතයක් .

ඇත්තටම ඌව තේරුම් ගන්න නම් හෙනම අමාරුයි . ඊට වඩා අපෙ අයියගෙ චොයිස් එක ගැන .

ආදරේට ජාති බේද බලපාන්නෙ නෑ ලුනෙ එ වගේ වෙන්න ඇති අයියටත් ඕන මගුලක් , අයියනෙ බදින්නෙ මම නෙවෙයි නේ .

මිනිස්සු නවතින්නෙ හදවතට දැනෙන තැනලුනේ . !!

මේසෙ උඩ තිබුණ ටියුට් එකේ තිබුණ හෘදයේ ව්‍යූහය දිහා බලාගෙන හිටපු මම ඔහොම්ම මේසෙට ඔලුව ගහා ගත්තා .

" මේ මගුල් අහන පද්ධතියක්  නිසානෙ මේ ඔක්කොම .  "

යේශ් මුමුණනවා ඇහෙනකොට මන් ඔලුව උස්සන්නෙ නැතුවම බෙල්ල හරවලා බැලුවේ යන්න ආපු හිනාවත් හිර කරගෙන .

පුටුවේ කකුල් දෙකෙන් පැද්දි පැද්දි ඒ මදිවට පැන්සලත් කටේ ගහගෙන ඌ තනියම කියවනවා .

මන් එහෙම්ම බැලුවේ ඌට එහා පැත්තෙ වාඩි වෙලා ඉන්න රහේන් දිහා . ඌත් හිනා වෙවී අරූ දිහා ඔලුවටත් අතක් ගහගෙන බලන් ඉන්නවා .
.
.
.
හෙඩ් ප්‍රිෆෙට් අයියට එන්න කියන්න කිව්වා "
සුපුරුදු පරිදි මන් ක්ලාස් එකෙන් එලියට බැස්සෙ ඒ පණිවිඩෙත් එක්ක .

ස්ටාෆ් මීටින් එකක්  කියලා කට්ටියව හරියට පන්ති වලට යවන්න කිව්වා .

මට බලන්න තියෙන්නෙ 13 සෙක්ශන් එක . ආර්ට් එකයි ටෙක් එකයි මේ කාලෙට එහා වැටට යන නිසා . දැන් සෙක්ශන් එකටම ඉන්නෙ බයෝ මැත්ස් එක්කලා කොමස් එක විතරයි  .

බයො එක ක්ලාස් එකයි

මැත්ස් එක ක්ලාස් එකයි

කොමස් ක්ලාස් දෙකයි .

අද බයෝ මැත්ස් ක්ලාස් දෙකේම ලමයි අඩුයි . උන්ට රිවිශන් ක්ලාස් නිසා .  බයෝ එකටම හිටියේ මමයි අරුන් දෙන්නයි විතරයි . උන් දෙන්නා ආවෙත් මන් හින්දා   . මට ඉතින් නෑවිත් ඉන්න බෑනේ  .

උරුමක්කාරයා Onde as histórias ganham vida. Descobre agora