Chapter 2💖

59 9 2
                                    

මොනවා උනත් අද අම්මා සුට්ටක් විතර වෙනස් වගේ. අද කිරි හදලා දෙන්නම් කියලත් කිව්වා...ඒ මදිවට අද හොඳින් කතා කලා වැඩියි වගේ කියලා හිතෙනවනේ...උදේට අම්මගෙන් පොඩි බැනුමක් ඇහුවෙ නැත්නම් නිකන් උදේට කෑවෙ නෑ වගේ... මෙතන කුමක් හෝ රහසක් තිබෙන හැඩයි....

ම්ම්ම්....අපි බලමුකෝ...

************************************

මම පට ගාලා දත් මැදලා මූන හෝදලා පොඩි වොශ් එකකුත් දාගෙන ආයෙම කුස්සියට දිව්වේ මගේ කිරි එක බීලා breakfast එක ගන්න..

යනකොට අම්මා කිරි එක හදලා මේසේ උඩ තියලා කෑම ටිකත් වහලා තියනවා...රූං ගාලා ගිහින් කිරි එක අතට ගත්තා විතරයි ඔන්න ආවා කරදරේ...

මේ පූසිත් එක්ක නම් මෙලෝ මගුලක් හොරාට කන්න බොන්න බෑ...මොනවා හරි කන්න ගත්තොත් ඇවිත් කකුලේ දැවටෙනවා...මට පේන්නම බැරි වැඩේ තමයි අර කකුලට හොම්බ තියලා අතුල්ලං යන එක... එතකොට මට හරි කිචි අප්පා...දෙන්න හිතෙනවා ඒ වෙලාවට නම් පයින් සොට් එකක් උඩින් ගිහින් පුඩිං වෙන්න...ඇයි යකෝ මේක විසාල කරදරයක් වුනානේ....

ඒ පාර ඉතින් කිරි ටිකක් එයාගේ පිඟානටත් දාලා එයාගේ කට වැහුවා...කවුද දන්නවද ඒ වජකාර පූසි...වෙනකවුද ඉතින් අර සෙරපීනා මිසක්...

ඕකි බැලුවොත් ඇත්නම් තාත්තගේ උකුල උඩ...මූ දැන් ගෙදරම ආක්‍රමණය කරලා තියෙන්නේ... ඒත් මගේ තැන එහෙම පූසියෙක්ට ගන්න දෙන්න පුළුවන් ද මං අහන්නේ? බෑ..බෑ..ඒක වෙන්න දෙන්න බෑ... මං ඒකට සෙරපීනට විරුද්ධව චීනේ හමුදාව අරං ඇවිත් යුධ ප්‍රකාශ කරනවා...එහෙම පුළුවන්ද පූසියෙක්ට second වෙන්න...

එහෙම පුළුවන්ද පූසියෙක්ට second වෙන්න

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

සෙරෆීනා

මම උදේ කෑම එකටත් වැඩේ දීලා හෙමීට පෝන් එකත් අරං කාමර්ට රිංගන්න යනකොටම අම්මා කතා කලා...

We met again (Yizhan ff💯✅)Donde viven las historias. Descúbrelo ahora