55 වන පරිච්ඡේදය

Start from the beginning
                                    

"හරි දැන් වත් කියනවද මොකක්ද එකලස් කර්මාන්තය කියන්නේ මොකක්ද කියලා! මට දැන් මේක එපා වෙලා තියෙන්නේ! ඇයි යකෝ උබලා උදේම ඇටි කෙහෙල් ගිලිනවද උගුඩුවෝ ටික වගේ බලන් ඉන්නේ!"

මිහිරි මිස්ගේ මේ කෑගැහිල්ල සමාන්‍යයි. පස්සේ පන්තියේ මීටරේ සද්ද නැති වෙලාවට අත උස්සලා මනරු උත්තරේ කියන එක ඊටත් වඩා සාමාන්‍යයි. ඉතින් පන්තිය එතනින් එහාට සාමකාමීව ගෙනියන්න මිස්ට ඒ පිහිටෙන් පුලුවන් වුනා තමයි,

"උබට පිස්සුද බ*ල්ලෝ! "

ආයෙම සැරයක් මිස් පිටි පස්ස හැරිලා බෝඩ් එකේ ලියන කල් හිටපු පබසර මිහිරි මිස්ට නෑහෙන්න අතේ තිබ්බ කොල ගුලියෙන් ඒක එවපු එකාට දීලා ඉස්සරහා හැරුනත් එතන පන්තිය හරිම සාමාන්‍ය විදිහට ගලාගෙන ගියා. මාණික්‍යට වුනත් මනරුට හරි හමන් වචනයක් කියන්න ලැබුනේ නෑ මිස් අත නොහැර පාඩම අරන් ගිය නිසා. ඒ නිසා වෙනදට ඇන්ටනාව වගේ කැරකෙන පබසරත් අද පොතටම ඔලුව නවන් හිටියේ..

හැබෙයි ඒ අතරින් පතිරින් මේ පන්තිය වෙන් වෙලා තිබ්බ බිත්තිය දිහා කට ඇදවුනු මිහිරි මිස් ගේ බැල්මත් නොතිබ්බා නෙවෙයි. මොකද ඒකට ලොකුම සහයෝගය දුන්නේ ගුරුවරයෙක් නැති එහා පන්තියේ කොල්ලන්ගේ කචබචේ. ඉතින්,

"අයියෝ එහා පන්තියට ගුරුවරයෙක් ආවේ නැද්ද ළමයි?? මනරු එහා පැත්තේ ටීචර් කෙනෙක් හිටියද?"

"නෑ මිස්"

එන්න එන්නම වැඩි වෙන එහා පන්තියේ සති පොල වගේ සද්දේ නිසා මිහිරි මිස්ට ඔලුවේ රදයක් පාත් වීගෙන ඇවිත් තිබ්බේ. ඉතින් මනරුගේ උත්තරෙත් එක්ක මිස් පන්තියෙන් එලියට ගියත් හරි අහිංසකයා වගේ පොත පිටිපස්සේ පැන්සලකින් කුරුටු ගගා හිටපු මාණික්‍යගේ අතට ඇන්න මනරු එබිලා බැලුවේ ඒ කුරුටු ගාන්නේ මොකක්ද කියලා බලන්න.

කොහොම හරි.. පිටි පස්ස පිටුවේ දකුණු කෙලවරේ තිබ්බේ සිය පාරක් විතර පැන්සල් ඉරි ගියපු 'M' අකුරක්..

"මනරුද... මාණික්-"

"මනරු"

ඉතින් මනරු කියලා ඉවර කරන්න කලින් මාණික්‍ය උත්තර දීලා ඉවරයි ඒකට මනරුටත් කට කොනින් හීන් හිනාවක් ගියා තමයි. ඒත් එයාට ප්‍රශ්නයක්.

කස්තුරි සුවඳ ✓ Where stories live. Discover now