අමතර පන්තියෙන් පසුව නම්ජූන් ජිමින්ව සහ ජන්ග්කුක්ව නිවසට ඇරලුවා..
Jk : බායි ඩැඩා.. පරිස්සමෙන් ගෙදර යන්න..
නම්ජූන්ව වැලඳගනිමින් ජන්ග්කුක් ඔහුට සමුදුන්නා..
Nj : හ්ම්ම්.. ඔයත් පරිස්සමෙන් ඉන්න පපා එනකම්..
තම තුරුලේ සිටින ජන්ග්කුක්ගේ හිස අතගාමින් නම්ජූන් පැවසුවා.. සමුදී මිනිත්තු කිහිපයක් ගතවුනත් ජන්ග්කුක් නම්ජූන්ගෙන් ඈත් වුනේ නෑ..
Nj : මොකද වුනේ කූ.. ??
Jk : ඩැඩා ලඟ සුවඳයි..
නම්ජූන්ගේ කමිසයේ නාසය ගාවමින් ජන්ග්කුක් පැවසුවා..
Jk : ඩැඩා ලඟින් එන්නෙ ඩැඩාලගෙ සුවඳක්.. මගේ පපා ලඟ තියෙනවා සූට් කේස් එකක්.. ඒකෙ තියෙනවා මගෙ ඩැඩාගෙ ඇඳුම් දෙක තුනක්ම.. ඒවත් ඩැඩා ලඟින් එන සුවඳමයි..
Nj : ඔයා ආසයිද ඒ සුවඳට.. ??
Jk : ඔව්.. හුඟක් ආසයි..
සුරතල් ලෙස සිනාසුන ජන්ග්කුක් එලෙස පැවසුවා..
Nj : ඩැඩාගෙ පර්ෆියුම් එක වගේ එකක් දෙන්නද කූට.. ??
නම්ජූන් ජන්ග්කුක්ගෙ කම්මුල් නොරිදෙන ලෙස මිරිකමින් අසනවිට ජන්ග්කුක් හිස දෙපසට වැනුවා..
Jk : එපා.. ඒක ඩැඩාගෙ සුවඳනෙ.. මම ආස ඩැඩා ලඟ විතරක් ඒ සුවඳ තියෙනවට..
ජන්ග්කුක් පැවසූ දෙය නිසා යමක් සිහිවී නම්ජූන්ගේ දෑස් කඳුලු පටලයකින් ආවරණය වුනා.. නමුත් එය පිටතට නොපෙන්වා නම්ජූන් ජන්ග්කුක්ගේ හිස් මුදුන සිපගත්තා..
Jk : ඩැඩා මම යන්නම්..
Nj : හරි බබා.. පාඩම් බලාගන්න ඕන හරිද.. ?? දැන් ගෙදරට ගිහින් දොර වහගන්න..
පෙර දින ලෙසම ජන්ග්කුක් නිවසට ගොස් දොර වසාගත් පසු නම්ජූන් වාහනයට ගොඩවුනේ නිවසට යාමටයි.. නමුත් මද දුරක් යන විට ඔහුගේ දුරකතනය නාද වන්නට වුනා.. තිරයේ දිස් වුනේ සෝජූන්ගේ නම නිසා ඒ ගැන තැකීමක් නොකල නම්ජූන් වාහනය නොනවත්වාම ධාවනය කලා.. නමුත් එක දිගටම තුන්වැනි සහ හතරවැනි වරටත් දුරකතනය නාද වුන නිසා කේන්තියෙන් සුසුමක් පහත හෙලමින් ඔහු වාහනය පසෙකට කර නැවැත්තුවා..
YOU ARE READING
Inevitable Destiny....
Fanfiction"Even though time has passed, there were love stories that didn't change a bit.." " Time solves everything according to destiny.." Inevitable Destiny... ( Unchanged after many years )