Jin's outfit

නම්ජුන් ඇස් පිල්ලම් ගහන්නෙවත් නැතුව බලන් හිටියේ ජින් දිහා.. හැබැයි ජින්ගේ අවදානෙනම් තිබ්බේ එයාගේ පුන්චි බෙයා ළඟ.. සැරින් සැරේ තමන් පස්සෙන් එනවාද කියලා බල බල ඉස්සරහට ඇදෙන ටේ බබා දිහා ජින් හරි ආසාවෙන් බලන් හිටියා.. තව සුලු මොහොතකින් මේ එයාගේ ආදරේ වගේම මේ පුන්චි හුරතලේට අයිතිවාසිකම් කියන්න ජින්ට පුලුවන්... ඉස්සරහට එයා අනිවාර්යයෙන් ඒක කරයි.. කාටවත් බැරි වෙයි ජින්ගෙන් මේ අප්පාවයි පුතාවයි වෙන් කරන්න...

ඔය දේවල් කල්පනා කර කර ඉස්සරහට ඇදුනු ජින් නොහිතපු වෙලාවක එතන ඇදලා තිබ්බ වයර් එකක පැටලුනා... නොවැටී බේරුනා උනත් හදිස්සියේ උන සිදුවීම නිසා ජින්ට කෑ ගැස්සුනා... ඒ ගමන්ම නම්ජුන් ජින් ලගට දුවගෙන යන්න ගියත් එයා එහෙම්මම නතර උනේ ටේ බබා ලීසා බබාගේ අතත් අත ඇරලා ජින් ගාවට දුවන දැක්ක නිසා...  ගිහින් ජින්ගේ කකුල් ලගට පාත් වෙලා කකුල උඩ තාමත් තියෙන වයර් එක අයින් කරලා ජින්ගේ අතින් අල්ලගත්තා..

💚  මමා ඌවා උනාඩ.. කකුල සුදෙනෝද.. මං පුතුවක් ගේන්නම්ඩ...

ජින්ගේ අතින් අල්ලන් නැමිලා කකුල අතගාන ගමන් ටේ බබා කියනකොට මුලු ශාලාවෙම අමුත්තො මේ දර්ශනේ බලන් හිටියේ ඇස් වල කදුලු පුරවන්.. ඒ තරම් සංවේදී ආදරනීයේ දර්ශනයක් ඒක..  

💚  මමා ඇයි අඩන්නේ.. සුදෙනෝද කකුල...

🤎  මගේ පැටියා...

ජින් ඇස් වල කදුලුත් පුරවන් ටේ බබාව වඩාගෙන ඉබගෙන ඉබගෙන ගියා... මේ පුන්චි හිතේ ජින් ගැන තියෙන ආදරේ ජින්ටවත් දරා ගන්න බෑ... ජින්ගෙත් ටේ බබාගෙත් අතර තියෙන බැදිම හරිම ශක්තිමත් එකක් කියලා ලෝකෙට ආයේ පාරක් ඔප්පු උනා...

💚  මමා මාව බිමින් තීන්න අනී.. මං දැන් ඔකු ලමයෙක්...

🤎  ඒත් තාම මමගේ පුන්චි බෙයානේ ඔයා ඉතිම්...

💚  හලි හලි මමාගේ බෙයා තමා... අඩන්න එපා හොඩඩ... බෙයා ආස නෑනේ...

Baby Sitter ✨️❤ ( Completed )Where stories live. Discover now