විසි දෙවන සිහිනය 💭

Start from the beginning
                                    

පපුව මහ ගොඩක් වේගෙන් ගැහෙද්දි සිහිනට මතක් උන එකම කෙනාට මන් පාන්දර කියලා නොබලා කෝල් එකක් ගත්තෙ හීනෙත් එක්ක තමන්ට දැනුන ඒ බැදීම නිසා වෙන්නැති. හුස්ම ගැනීමත් එන්න එන්න අපහසු වෙනවා කියලා තේරුම් යද්දි හිතන්නවත් වෙලාවක් නොගෙන හිත හොයන ඒ රැකවරණය බලාපොරොත්තුවෙන් ඒ හිත බලන් හිටියා....

Pov end.

.

.

ආක්ෂ POV.

සුදුබෝලේ❤ calling.......

හොඳ හුස්මක් අරගෙන සිහිනට කෝල් එකක් ගන්නවද නැද්ද හිත හිතා ඉද්දිම වගේ මගෙ ෆෝන් එක රින්ස් ගියා.. කෝල් අයිඩී එක දකිනකොට නලල දෙපැත්තෙන් දාඩිය බේරෙමින්, කදුලු ගලන මගෙ මූණේ ආදරණීය හිනාවක් ඇදුණා...හිනාව අතරින්ම මගේ කටින් හීනියට ඒ නම මිමිණුනා. ස්ක්‍රීන් එක දිහා බලන් හීන දැකපු මන් තප්පර කීපයක් රින්ස් යද්දි යන්තම් කෝල් එක කට් වෙන්න ඔන්න මෙන්න තියලා ආන්ස්වර් කරලා ෆෝන් එක කනේ තියාගත්තා....

කිසිම සද්දයක් නැති කෝල් එකේ එහා පැත්තෙන් මට ඇහුණ එකම දේ සිහිනගෙ හුස්මෙ සද්දෙ විතරක්ම උන නිසා මොහොතකට මන් ගොළු උනා වගේ දැනුන හැගීමට මන් තව තව ලෝභ කරා. තාලෙකට ඉහළ පහළ යන ඒ හුස්මක් ගානෙ මගෙ පපුව ගැහෙන වේගෙ වැඩි උනා. ඒත් ඒ හුස්ම ගන්න තාලෙ එන්න එන්නම තව වේගවත් උනා...

"අභී...අයියේ"

එයා ටිකක් කැඩුණු හඩකින් මට කතා කරා.. ඒත් මට මොකක්දෝ උනා. මෙහෙමයි කියලා විස්තර කරන්න බැරි  හැගීමක් හිත පුරාම දුවද්දි මට වචනත් අමතක උනා. මේ වගේ වෙලාවක මන් ආදරේ කරන කෙනාගෙ කටින් මගේ නම ඒ විදියට පිටවෙද්දි මගෙ ඇග පුරාම හීන් හිරියක් ගලාගෙන ගියේ ඔය කටින් මගෙ නම අහන්න මන් කොච්චර ආස කරනවද කියලා ඒ හැම වතාවකම මට තේරුම් කරලා දෙන ගමන්...කලින්ටත් වඩා සිය ගුණයක වේගෙන් හදවත ගැහෙනවා කියලා මට තේරුණා..

"අ...භී අ..යියේ....!"

හීනෙත් අමතක වෙලා සතුටින් කෝල් එක ආන්ස්වර් කරලා කනේ තියාගත්තට මොකද එහා පැත්තෙන් ඇහුණ ඒ කටහඬ වෙව්ලනවා කියලා මට දැනුනා.

"සිහින.....මොකද මේ පාන්දරම..!?"

හිතන්නත් වෙලාවක් නොදී මගෙ කකුල් මාවත් අරන් ඇදෙන් බැස්සේ සිහිනගෙ වෙව්ලන කටහඬ මගෙ හදවතේ හීනියට බයක් ඇති කරපු නිසා.. මගෙ කොල්ලා හොදින්ද...? උඹ ඉන්නෙ මට හදිසියකට වත් එන්න පුළුවන් දුරකිනුත් නෙමෙයි.. එක තැනක ඉන්න බැරි තැන කලබලෙන්ම මන් දොරත් ඇරගෙන බැල්කනියට ආවා...

| අපේ යාලු පුංචි භූතයා | Ongoing..Where stories live. Discover now