හැමෝගෙම ජීවිත වෙනස් වෙලා.. හරිම ලස්සන විදියට.. හැමෝම බලාපොරොත්තු උන විදියට ජීවිත වෙනස් වෙලා... හැමෝම සතුටින්..

💚  මමා.. අපි අද පාර්ක් නන්ද...

🤎  මගේ බෙයාට පාර්ක් යන්න ඕනිද...

💚  හුම් හුම්...

කටත් උල් කරන් ටේ බබා ජින්ට කිව්වාම දැනෙන නොදැනෙන ගානට ටේ බබාගේ කම්මුලක් හපලා ජින් හිනාවක් දැම්මා... ඔය හිනාව දැම්මා කියන්නේ ඉතින් ජින් කැමති උනා කියන එක තමා.. ටේ බබා ජින්ගෙන් උත්තරයක් දැනගන්නේම නැතුව දුවලා ගියේ පාර්ක් යන්න ලෑස්ති වෙන්න...

👵  කොහෙද පුතේ අර දිව්වේ...

මිසිස් කිම්ගේ ඇගේ හැප්පිලා වැටෙන්න ගිහින් නූලෙන් බේරිලත් ඒ ගැන ගානක්වත් නැතුව දුවන ටේ බබා දිහා බලන් මිසිස් කිම් ජින්ගෙන් ඇහුවා...

🤎  අද පාර්ක් යන්න ඕනේ කියන්නේ ඔම්මා...

👵  ම්ම් කොල්ලාටත් එපා වෙලා ඇති ගේ අස්සටම වෙලා ඉදලා.. කොල්ලෝනේ ඉතින්...

🤎  ඒක තමා ඔම්මා මාත් එක්කන් යන්නම් කිව්වේ..

👵  ඒක හොදයි පරිස්සමෙන් ගිහින් එන්නකෝ.. ජුන්ට කිව්වාද...

🤎  නෑ තාම දැන් කියන්න ගියේ ඔම්මා...

👵  හා හා එහෙනම් දැන් ගිහින් ලෑස්ති වෙලා පරිස්සමෙන් එන්නකෝ...

🤎  හරී...

මිසිස් කිම්ට කියපු ජින් කෙලින්ම ගියේ ලෑස්ති වෙන්න.. ඊට කලින් එයා ගියේ ටේ බබා මොකද කරන්නේ බලන්න.. යනකොට කොල්ලා එයාගේ කබඩ් එක අනිත් පැත්ත හරෝනවා...

🤎  බෙයා මොකද චූටියෝ මේ...

💚  මමා.. මත අදින්න ශූට් එකක් නැනී...

ඈ බොල කබඩ් එකක් පිරෙන්න ඇදුම්.. ඩෙනිම්, ශර්ට්, ටීශර්ට්, ශෝට්ස් පිරිලා කබඩ් වල... ඒත් මේ කොල්ලාට අදින්න ඇදුමක් නෑලූ.. කාට කියන්නද ඉතින් මේවා... අද කාලේ දැවෙන ප්‍රශ්නනේ... ප්‍රශ්න හැමෝටම පොදුයි නැද්ද පෙන්ස්...

🤎  අනේ මගේ බෙයාට අදින්න සූට් එකක් නෑද.. කෝ ඉන්නකෝ මමා හොයලා දෙන්නම්..

Baby Sitter ✨️❤ ( Completed )Where stories live. Discover now