සූදුවට ඇබ්බැහි වෙච්ච තාත්තා නිසා ජින්ගේ මුලු පවුලට හිටියේ හරි කරදරෙන්.. දවස ගානේ හම්බකරන සල්ලි නාස්ති කරලා.. තව වටේටම ණය වෙලා ජින්ගේ අප්පා ගෙව්වේ මහ එපා කරපු ජීවිතයක්... අන්තිමේදී ඒ ණය ඔක්කෝම ගෙදර මිනිස්සුන්ගේ කර පිටින් දාලා ජින්ගේ තාත්තා මැරිලා ගියෙත් බීමත් කම නිසාමයි...

ජින්ගේ ඔම්මා කලේ රෙදි මහන එක... ඒකෙන් තාත්තාගේ ණය බේරන්න තරම් වත්කමක් ලැබුනේ නැති නිසයි ජින් රස්සාවක් කරන්න තීරනේ කලේ.. හැබැයි මේ නිසා ජින් ඉගෙනීම නවත්තනවට එයාගේ ඔම්මා කැමති උනේ නැහැ.

සතියේ දවස් වල ජොබ් එක කරන ගමන් සති අන්තයේ කෝස් එක ජින් කරන්න ගත්තේ ඒ නිසාමයි... කෝස් එකේ ගානයි ගෙදර වියදමයි පියවගන්න ලැබෙන පඩිය මදි උනත් ජින් උත්සහය අත්හරින්නේ නැතුව ජීවිතේ ඉදිරියට යනවා...

ජින්ට ඉන්නවා නන්ගියෙක්... එයත් තාම ඉගෙන ගන්නවා... මේ හැමදේම බැලස් කරගෙන තමා ජින් වැඩ කරන්නේ...

.

.

.

Back to story....

🏵️  ජිනී ටිකක් එන්නකෝ මේ බබා අඩනවානේ...

🤎  මේ එනවා සූහෝ...

ජින් ගිහින් අඩ අඩ හිටිය බබාව නලවන්න ගත්තා.. වැඩි වෙලා ගියේ නැහැ බබා ජින්ගේ අතේම නිදා ගත්තා....

🏵️ මොන බබා ආවත් එයාලට නැලවෙන්න ජින්වම ඕනේ ඉතින් .😒

🤎  හි හි🤭  හරි හරි යන් අර පැත්තේ කට්ටියක් සෙල්ලම් කරනවා..

.

.

.

Jin's pov  🌹

හැමදාම වගේ අදත් දවසම චුටි බබාලත් එක්ක හිටියා.. එයාලාත් එක්ක ඉන්නකොට මට වෙලාව යනවා තේරෙන්නේ නැහැ.. මං මේ ජොබ් එකට ගොඩක් ආසයි.. ඒත් වැඩි කාලයක් මට මේක කරන්න පුලුවන් වෙයිද දන්නේ නැහැ😪 දැනටමත් තාත්තාගේ ණය කාරයෝ ගෙදරට හොයන් එනවා... මගේ ඉගෙන ගන්න වැඩයි චූටිගේ වැඩයි ඔක්කෝටම ගෙවලා ආයේ නයටත් ගෙවන්න මගේ පඩිය මදි😕 ඉතින් මට ටිකක් වැඩි පඩියක ජොබ් එකක් හොයා ගන්න වෙනවා😪 එදා දවසේ වැඩ ඉවර කරලා මං ගෙදර ගියා...

Baby Sitter ✨️❤ ( Completed )Where stories live. Discover now