🌹 දෙවන දිගහැරුම 🌹

Start from the beginning
                                    

ම්ම්ම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ම්ම්ම්.. ඇත්තටම මේ වයසක මනුස්සයට මේක කියලා තේරුම් කරන්න හරි අමාරුයි... එයා තේරුම් ගන්නෙම නෑනෙ පුතා කියන දේ..

මනුස්සයෙක් තමන්ගෙ ජීවිතේ සැදෑ සමය ගෙවන්න ඕනේ නිදහසෙ.. නිස්කලංකව.. ජීවිතේ තරුණ කාලේ ජීවත් වෙන්න පුළුවන් තරම් කට්ට කන මිනිස්සු අඩුම තරමෙ වයසට ගියාම වත් නිදහසේ කාලය ගත කරන්න ඕනා නේද..

අන්න ඒකයි මේ... වන්ග් යී ගෙ පුතා වෙච්ච වන්ග් යීබෝ හැමදාම කට කැඩෙනකල් කියන්නේ.. හැබැයි ඉතින් තේරුමක් නෑ. මේ මනුස්සයා ඒ වෙලාවට හා කියලා ගිහින් ඒක පොඩ්ඩක් අමතක උනාම ආයෙමත් එනවා..

එක අතකින් මේ කතාව ඒ වයසක මනුස්සයගෙ පැත්තෙන් ගත්තොත් මේ විදියට ගන්නත් පුළුවන්..

දන්න කාලේ ඉදලම මැෂින් වගේ වැඩ කරලා.. වැඩත් එක්ක ඔට්ටු වෙච්ච මේ කඩේටම වයසට ගිය මනුස්සයෙක්ට ඇත්තටම මෙහෙම නිකන් ඉදපන් කියලා කිව්වට එහෙම ඉන්න අමාරුයි තමයි... වැඩ කරලා හුරු මිනිහා හොයන්නෙ වැඩ කරන්නමනෙ... ඉතින් මේ මනුස්සයටත් වෙනසක් නෑ එලෙසම තමයි..

ඒකයි තමන්ගෙ පුතා අද හවසට එන කිරි පිටි ඕඩර් එක ගැන කතා කරන්න කෝල් කර කර ඉද්දි හොරෙක් වගේ කඩේට පැනලා පුතා ඉන්න තැනටත් නොපෙනෙන්න රාක්කයක් අස්සෙ කොන්දත් ඔබාගෙන දූවිලි පිහින්න ගියේ...

එක අතකින් ඒක මහ මෝඩ වැඩක්.. මොකද ඉතින් මේ ශොප් එකෙයි ශොප් එකට පිටිපස්සෙන් තියෙන එයාලගෙ ගෙදරයි හතර අතම කැමරා කොච්චර වත් තියෙනවනෙ.. ඕවා ඉතින් නිතර නිතර තමන්ගෙ පුතාගෙ ඇස් වලට අහු වෙනවා කියලා නොදැනද අප්පා මේ රාක්ක අස්සෙ රිංගන්න ගියේ...

හරි හරි එහෙනම් මන් අතු ගාන්නද..

꧁ රෝස ꧂                                              ✓ 𝕐𝕀ℤℍ𝔸ℕ ✓Where stories live. Discover now