කාමරේ ටිකක් ඇවිදලා බලපු මන් අයියා එක්ක එකතු වෙලා හවස් වෙද්දි බඩු ටික ඔක්කොම අහුරගත්තා... ඔක්කොම බඩු ටික අහුරලා ඇගත් සෝදගත්ත මන් පහළට එනකොට භාප්පත් ගෙදර ඇවිල්ලා හිටපු නිසා කට්ටිය හැමෝම එකට ආගිය තොරතුරු කතා කර කර හිටියා... අම්මයි පුංචි අම්මයි එක්කම ගිහින් ඇඩ්මිෂන් එකේ වැඩ ටික කරගෙන තියෙද්දි හෙට ඉදන් ස්කූල් යන්න වෙන නිසා මන් ආවේ හෙට ගෙනියන පොත් පත් ටික ලෑස්ති කරලා ඇදුම් ටිකත් හදලා තියන්න.....

: සිහින!! ඔක්කොම ලෑස්තිද?

: අහ්.. ඔව් අයියේ!!

කාමරේට වෙලා ඇදේ කොනක වාඩි වෙලා කල්පනා කර කර හිටපු මන් ගැස්සිලා ගියේ තේව් අයියගේ කටහඬට... අම්මා ගෙදර ගිහින් පණිවිඩයක් නොදුන්න නිසා මන් ෆෝන් එකත් අතේ තියන් බලන් හිටියේ අම්මගෙන් පණිවිඩයක් එනකන්... අයියානම් හවස කතා කරලා විස්තර අහපු නිසා මන් බලන් හිටියේ අම්මා කතා කරනකන්....

: බස් එකේ තමයි යන්න වෙන්නෙ.

: ඒකට කමක් නෑ අයියේ.

: මොකද සිහින.. බය වෙලාද.

: ටිකක් විතර.

: මාත් ඉන්නවනේ.. බය වෙන්නෙපා.. කෝ කෝ එන්න දැන් රෑට කන්න යමු...

: හ්ම්ම්

කාමරේට ආපු අයියා මාවත් එක්කන් ආවේ රෑට කන්න. අම්මටත් වැඩ නිසා ආපු හැටියෙම යන්න උනත් මෙහේ හැමෝම මට ගොඩක් ආදරෙන් සලකන නිසා මට ලොකු පාලුවක් දැනුනේ නෑ... අම්මත් ගෙදර ගිහින් තිබුණ හැටියේ මට කතා කරා.....ඒත් මට දැනුනේ හරි නුපුරුදු හැගීම් ගොඩක්....අයියත් නිතරම මන් එක්කම ඉදලා මගේ හිත හදන්න උත්සාහ කරනවා මට තේරුණා....රෑට කාපු මම හැමෝටම කියලා කලින්ම නිදා ගන්න ආවේ අද ටිකක් මහන්සි දැනුන නිසා.....

සිහින pov end.

.

Third person pov :

"අ...අයියේ...."

"ම්..මාව බේර ගන්න....."

ආහ්හ් එපා.....අනේ

ආආඅඅහ්හ්හ්.....අම්මාහ්හ්...!!!

තද නින්දෙ හිටපු සිහින යන්තම් ගැහි ගැහී දැකපු සිහිනේ නිසා කෑ ගහගෙන ඇහැරෙද්දි , සිහිනගෙ කාමරේ ඉස්සරහින් යමින් හිටපු තේව්ට යන්තම් වගේ ඇහුණ සිහිනගේ කෑ ගහන හඬට අඩවල් කරලා තිබුණ කාමරේ දොරත් ඇරන් ඇතුළට ආව තේව් සිහිනව තුරුල් කරගද්දි තේව් කෑ ගහලා තමන්ගේ අම්මට කතා කරේ සිහින ගොඩක් බය වෙලා හිටපු නිසා.....තේව් ගෙ සද්දෙට පහළ හිටපු ඔහුගේ අම්මත් අඩිය ඉක්මන් කරලා ආවේ සිහිනගෙ කාමරේට.... සිහිනගේ අතට වතුර එකක් දීපු අම්මා සිහින ලගින් වාඩි වෙද්දි දෙන්නම උත්සාහ කරේ සිහිනව සන්සුන් කරන්න.......

| අපේ යාලු පුංචි භූතයා | Ongoing..जहाँ कहानियाँ रहती हैं। अभी खोजें