10 කොටස 🌸

28 10 1
                                    


වැට්ටුවා.....මෙච්චර වෙලා දරාගෙන හිටපු මාව උබ බිමටම වැට්ටුවා...ඇයි ඒ...ඇයි උබ අඬන්න ඉන්න ඇස් වලට ඇඟිල්ලෙන් ඇන්නෙ...ඇයි උබට බැරි පාඩුවෙ ඉන්න...ඇයි බන් මේම...මං අච්චර දේවල් කියලත් උබ දරාගෙන හිටියා...උබ ආදරෙන් කතාකරද්දි පවා මන් උබට බැන්නා...ඒත් උබ මට බැල්මකින්වත් කිසි දෙයක් කරේ නෑ...ඇයි..ඇයි උබට බැරි මං වගේ මොකක් හරි උනාම ඒක මතක තියාගෙන රිද්දන්න පළිගන්න...ආ...උබ ඔය හැම දේම කරන්නෙ සොරි කියන්න..මං දන්නවා ඒක...ඒත් ඇයි බන් උබ සොරි කියන්නෙ...ඇයි උබ ඒ වරද පිලිගන්නෙ...අනේ බන් මට දරන්න අමාරුයි...උබෙ වස්තුවට බෑ බන්...ඔහොම කරන්නෙපා...උබ ඒක උබේ පිටට දාගෙන හැසිරෙද්දි දරන්න බෑ බන්...ඕන්නන් මට බැනපන් ගහපන් කතානොකර ඉඳපන් ඒත් වැරැද්ද පිළිඅරගෙන මුකුත් නොවුණු ගානට හැසිරෙන්න එපා...ඒක රිදෙනවා...ඒක අනික් හැමදේටම වඩා හුඟක් රිදෙනවා...සමාවෙයන් බන්...මට සමාවෙයන්...මං අද ඕන්නැති ඒවා ගොඩක් කිව්වා නේද....උබට ඒ වචන හුඟක් රිදුනද බන්...හරි මට උබ කියපු දේ තේරුනා.. මට තියෙන ආදරේට ගැහුවෙ කියලා...ඒත් බන් රිදුනනෙ...උබටත් එච්චර කේන්ති යන්න මොකක්ම හරි හේතුවක් ඇති නෙ නේද....අපරාදේ මට ඒක එවෙලෙ හිතන්න තිබ්බා...උබට කෑගහන්න කලින්...සමාවෙයන් බන්...මං දන්නවා දැන්...මගෙ මෙතන රිදෙනවට වඩා මගෙ වචන හින්ඳා උබේ හිත රිදෙනවා...කියලා...සොරි බන් ඉතින්...දැන් උබට වඩා මට රිදෙනවා....උබ දැන් ඔය කරන්නෙ මට රිද්දන එක...දැනුවත්ව හෝ නොදැනුවත්ව උබ මට රිද්දනවා බන්...ඇත්තටම උබට මහ හුඟක් රිදුනද....මගෙ වචන එච්චරටම සැරද....ඇත්තටම උබ හිතනවද බන් මේක හරියයි කියලා...අපිට මේක පටන් අරන් කරන් යන්න පුලුවන් වෙයිද බන්...උබ ඇයි බන් මාවම තෝරගත්තෙ...ඇයි උබේ හරිම කෙනාට මාවම තෝර ගත්තෙ...මන් හිතන්නෙ උබට වැරදිලා බන්...උබේ හරිම කෙනා මම නෙවේ වෙන්න ඇති...නැත්තන් උබට ඔච්චර රිද්දාවි ඈ...නොදැනුවත් කමින් හරි මං උබට රිද්දලනේ බන්...කමක් නෑ අපි උත්සහ කරලා බලමු...අනේ මට රිදෙනවා...මට ඕනේ ඔය පපුව අස්සට තුරුලු වෙන්න...ඔය හදවතට කන තියලා මට අහන්න ඕනේ හුඟක් රිදුනද කියලා...මගෙ කඳුලු වලින් ඒ වේදනාව හෝදලා දාන්න ඕනේ මට...උබ ඔහොම හැසිරෙද්දි උබේ වස්තුවට බෑ බන් බලන්න...මට අඬන්න ඕනේ....උබට තුරුලු වෙලා මට අඬන්න ඕනේ....උබ මට දෙන්න හදන...මට ගන්න බය...ඔය උණුහුමට ගුලිවෙලා හැමෝටම හොරෙන් දුක හේදිලා යනකන් කඳුලු වලින් මට නාන්න ඕනේ....උබේ හිතට වැදුණු මගෙ පිහි තුඩක් තුඩක් පාසා උබෙන් සමාවගන්න ඕනේ...

බෝඩිංකාරයෝ حيث تعيش القصص. اكتشف الآن