chapter 1 🌈️

230 15 12
                                    

මිස්ට ගුනවර්දනටයි මිසිස් ගුනවර්දනටයි දාව උපන් හරි අපුරු පුත්‍ර රත්නේ තමා ඉතිං අපේ ශාන් කියන්නේ..ශාන් ටිකක් විතර මුරන්ඩු ඒවගේම නාහෙට අහන් නැති  මේ ලෝකේ එයා තරම් කෙනෙක් නෑ කියලා හිතන් ඉන්න බක පණ්ඩිත කොලු පැටියෙක්.තාම කැම්පස් යන වයසේ ඒ වුනාට කතාව නම් ලෝකේ වෙනස් කරන්න ..

හෝව් හෝව් කැම්පස් යද්දිත් ඇයි මං එහෙම කිව්වේ කියලද හිතන්නේ..මොකද ඉතිං එයා දන්නේ ගෙදරින් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්න..

ශාන්ටම හරියන්න කෙනෙක් ඒ ගෙදරම ඉන්නවා ඒ තමා ශෙනායා..එයා තමා අපේ ශාන්ගේ නංගි..කට පොඩ්ඩක් වැඩි වුනාට මොකෝ හොර වැඩ වලට නම් අයියටත් වඩා රුසියා මේ නංගි තමා

මේ දෙන්නගේ මේ වැඩ වලින් ඉතිං හෙම්බත් වෙන්නේ ශාන්ලගේ අම්මා මිසිස් ගුනවර්දන තමා 

" අම්මේ.......මෙන්න මු...මට ඉබ්බි කියනෝ.. "

ගෙදරම දෙවනත් වෙන්න ඔය කෑගහන්නේ ඉතිං අපේ ශෙනායා..ශාන්ගේ වැඩේම ඉතිං මේ කෙල්ලව අවුස්සගන්න එකම තමා ..

" ශාන්.....ලොකු....මං ඔතනට එන්න කලින් දෙන්නටම කියන්නේ නවත්ත ගන්නවලා ඔය රන්ඩුව..ගෙදර වැඩ මදිවට මුනුත් මටම වද දෙනෝ නේ..මගේම කරුමේ "

කියලා මිසිස් ගුනවර්දන පොඩ්ඩක් දෙන්නට සැර කරත් මෙයාලට ඒවා ගානක් නෑ..

" මේ මේ අම්මේ මං නෙවේ ඔයාගේ දෝනියන්දෑ තමා මට නම්වානම් කියන්නේ ... "

" මට මෙන්න මේකි කුකුළා කියනවා "

කියලා ශාන් අපේ ශෙනායා දිහා හරියට බැලුවේ දැන් ගිලින්න ඔන්න මෙන්න වගේ

" ඉතිං කුකුලට කුකුළා නොකියා අම්මේ මං මොකක්ද මුට කියන්න ඕන අහ්

" කුකුළා.. තොට මං පෙන්නනවා මුකලන් බස්සි.. මං අයියා .. යකෝ මට පොඩ්ඩක් ගරු කරහන් "

" යැයි යැයි තමා .. ගරු කරන්න වැඩේමයි ..අපි නම් බයවෙයි..  කියලා ශෙනායා පොඩ්ඩක් අඩියක් දෙකක් ශාන් ළඟින් පස්සට ගිහින් එකපාරටම

THE MASK BOY ( NON- FICTION ) 🌈️Onde histórias criam vida. Descubra agora