Chapter 06 💜️💚

176 28 2
                                    


"ඒ අඩි සද්ද ඇහෙනවද ඔයාලට?"

"මේක ඇතුල ඇත්තටම ගොඩක් භයානකයි"

"ඇතුළට ගිය තුන් දෙනෙක්ම එළියට ආවේ යටිගිරියෙන් කෑ ගහගෙන"

"අනික ඔයාල දන්නවද? අපේ university එක හදන්න කලින් මෙතන සොහොන් පිට්ටනියක්"

මේ අලුත් experience එක ගන්න හැම year එකේම වගේ ළමයි art faculty building එකේ main door එක ගාවට ඇවිත් හිටියා. Event එකට  ආව අයව බය කරන්න හිතන් seniorsලත් එක එක විදියෙ කතා ගොත ගොත කිව්වා.

"හොදයි අපේ ඊලග තරගකාරයා Jung hoseok ඉස්සරහට ඇවිත් ඔයාගේ phone එක මෙතනින් තියන්න."

Hoba ඇතුල්වෙන දොර ගාවට යනකොට පිටිපස්සේ හිටපු jimin සේරම තල්ලු කරගෙන ඉස්සරහට ආවා.

🐥ඊලගට යන්නේ මම. අනික තමුන්ල ඔය කියන තරම් බය වෙන්න දෙයක් ඇති කියල මන් හිතන්නේ නෑ.

Phone එක senior කෙනෙක් අතට දුන්න jimin දොර ගාව හිටපු අයගෙ ඇගවල් වලත් හැප්පීගෙනම ඇතුලට ගියා.

"ඔහ්...හොද තරගකරුවෙක්. අපි ප්‍රාර්ථනා කරමු එයාවත් අඩාගෙන එළියට එන්න එපා කියලා."

Jimin Hobaට කලින් ඇතුලට ගියේ ඒ වෙනකොටත් Tae jungkook වගේම sugaත් ඇතුලට ගිහින් හිටිය නිසයි. Jimin ගිහින් විනාඩි 5කට පස්සේ seniorsla hobaවත් building එක ඇතුලට යැව්වා.ඇතුලට යන්න කලින් හැම කෙනාටම seniorsla කොලේක ඇදපු map එකක් දුන්නා. ඒකේ තියන task ටික complete කරන කෙනා තමයි game එක win කරන්නේ.

🐰මේ suga අපි ආපහු යමු අනේ. මට නම් බයයි ඕයි.

Jungkook නහයෙන් අඩ අඩ suga එක්ක ඇතුලට ඇවිදන් ගියා.

😺පිස්සු කතා කරන්න එපා කුක්කෝ අපි මේක දිනන්නම ඕනේ. අපි දෙන්නට යන්න තියෙන්නේ පාරවල් දෙකක. ඔයා ඔය පැත්තෙන් යන්න මන් මේ පැත්තෙන් යන්නම්.

🐰අනේ මට තනියෙන් යන්න බෑ බන්.

🐱කෝ වෙන වෙලාවට තියන ඔහේගේ පුරුෂ ශක්තිය. තොත්ත බබෙක් වෙන් නැතුව යනවා.

අන්තිමට jungkook suga දෙන්න දෙපැත්තට බෙදිලා තනි තනියම building එකේ ඇවිදින්න පටන් ගත්තා.

Light ඔක්කොම off කරලා තිබ්බ building එක සම්පූර්ණෙම්ම කලුවර වෙලයි තිබුණේ. ඇරල තිබුනු ජනෙල් වලින් ආපු හද එලියෙනුයි තැන් තැන් වල පත්තු කරල තිබ්බ ඉටිපන්දම් වල එළියෙනුයි ඩිම් වෙවී පත්තු වෙන lights ටිකකිනුයි   කට්ටිය යන්තම් පාර හොයාගෙන ඉස්සරහට ඇවිද්දා. Building එකේ තැන තැන මිනිස් ඇටකටු , ඔලු කටු , හොල්මන් විදියට අන්දපු බෝනික්කෝ , මමී විදියට ඔතපු රෙදි වගේම මූසල music එකකුත් දාල තිබ්බා.

It's Always You ❤️  Taekook (On Hold )Where stories live. Discover now