"ම්.. මැරෙන්න තරම් මහන්සියි"
ඉතින් මනරු කට හදාගත්තා..
"ගෙදර ගිහිල්ලා හොඳට නාලා කාලා නිදා ගන්න.. මහන්සියට ඔයාට හොඳට නින්ද යයි"
"බෑ"
මනරු හිතේ තෙතමනක් එක්ක ඒ කියද්දි ගත් කටටම මාණික්‍ය බෑ කියනකොට මනරු එයා දිහා බැලුවේ වැරැද්දක් කරලා අතටම අල්ල ගත්ත කොල්ලෙක් දිහා බලනවා වගේ.
"මොකද බැරි?"
"ඔයාව ඕනෙනේ.."
ඒවා හිත පුරවන වචන.. මේ හවස් කලුවරේ ලග ලගම කැරකෙන හුලග මූනත කපන්න යද්දි මනරු පිට්ටනියෙන් ඈත පේන ලයිට් පත්තු වෙන බිල්ඩින් දිහා බලන් හිනා වුනා..
"මනරු"
"ම්.."
"ඔයා මැච් එක බලන්න එනවද?"
ඇහුවත් හුම් නෑ.. ඉතින් කිසි සද්දයක් නැති තැන මාණික්‍ය ඇස් දෙක ඇරලා බලද්දි දැක්කේ තව මෝඩ කතාවක් කිව්වොත් ගුටි කනවා වගේ බැල්මක මූනක්.
"සෙල්ලම් කරද්දි අර පබසර බැරි වෙලාවත් බෝලෙන් ඔයාගේ ඔලුවට දමලා ඇරියද??"
ඉතින් උත්තර නෑ.. ඒ වෙනුවට හොර හිනාවක් එක්ක මාණික්‍ය මනරුගේ මඩට මූන තද කර ගත්තේ හරියට පොඩි ළමයෙක් වගේ..
"ඇවිත් මට පේන්න ඉන්න.. නැත්තන් මට හරියට play කරන්නත් බැරි වෙයි"
ඒ වචන වලට මනරුගේ මූන පිරුණ සතුට කලුවර නිසා මාණික්‍යට බලන්න වාසනාව නෑ.. ඒත් පාත් වෙලා එයා මාණික්‍යගේ නලලට තොල් තද කරාම දැනුන අමුතුම කිතියට එයා ඒ වචන වලට කොච්චර ආදරෙයිද කියලා නොකියා කිව්වා..
"මං ඇවිත් sixer board එකකුත් අරන් මාණික්‍ය! කියලා කෑගහනවා"
ඉතින් තමන්ගේ පපුව උඩ නතර වුන මනරුගේ අත අල්ලන් මාණික්‍ය හිනා වුනා.. මීට කලින් මේ තරම් ආදරණීය විදිහට එයාව තුරුල් කරන් ඉන්න, දාඩිය වගුරලා මහන්සි වෙන දවස් වලට ලගට වෙලා කිසි අවුලක් නැතුව එයාගේ නලල ඉබින්න කෙනෙක් එයා වෙනුවෙන් ඉදිවි කියලා හීනෙන් වත් හිතන්නේ නැතුව ඇති..
"එහෙනම් මට මැරෙනකල්ම ක්‍රිකට් ගහන්න පුලුවන්.. එතකොට ඔයාට මැරෙනකල්ම එහෙම කෑගහන්න වෙයි"
YOU ARE READING
කස්තුරි සුවඳ ✓
Non-FictionNon fiction BL මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩියෙන්ම ඕනේ.
41 වන පරිච්ඡේදය
Start from the beginning