පළමු කොටස

2.1K 214 173
                                    

B A D • D A D D I E S

..

..

..

..

රාත්‍රියට හැරුණු අහස.. අහසෙ එක තරුවක්වත් පායලා නෑ.. හඳ කොහේදෝ  මන්දා හැංගිලා.. මහා අදුරු මූසල පාටක් අහසෙ තියෙන්නෙ වැහි බර වෙච්ච වළාකුළු නිසා වෙන්න ඇති...

හරිම මුස් පේන්තු වටපිටාව.. අහස වගේමයි.. අවටින් දිස් වෙන්නෙත් මහ මූසල පාටක්.. කලුවර වටපිටාවෙ එලිය හරිම අඩුයි..

එහෙට මෙහෙට හෙවනැල්ලක් දැක්කත් බුරන බලු නකුට්ටෝ... හැම වෙලේම කන්න දෙයක් හොයන චෑස් චෑස් ගාලා කනට අහන් ඉන්න බැරි වෙද්දි පයින් දෙකක් අනින්න හිතෙන පූස් නාම්බෝ...  කලුවර අහසෙ පියාඹනවා කියලා වත් නොපෙනෙන ක්‍රෑස් හඩින් කෑ ගහන් යන කුරුල්ලෝ.. මූසල පරිසරය තවත් මූසල කරන්නෙ අන්න ඒ විදියට...

පාරටම සෑහෙන්න ඈතින් ඈතින් තියෙන විදුලි ආලෝක කනු.. ඒ කනු වල ආලෝකයන් තවත් සමහරක් පත්තු වෙන්නෙත් නෑ... තව සමහරු නිවි නිවි පත්තු වෙනවා... ඒ අසලින් මනුස්සයෙක් ආසාවට හරි ගියොත් දකින අනෙක් මිනිස්සුන්ට හිතෙන්නේ හොල්මන් සැරිසරනවා කියලා.. මූසල වටපිටාව මදිවට හොල්මන් හැගීමක් තමයි පේන්න තියෙන්නෙ...

එක්තරා විදුලි ආලෝක කනුවක් ලග තාප්පෙකට ඇගේ බර තියන් ඉන්න මැර මූණවල් දිස් වෙන්න තියන මිනිස්සු.. දුම් සුටුට්ටු අදින ගමන් මොන මොනවාදෝ කියවනවා..

තරුණ උනත් සමහරුන්ගෙ මූණූ වල තිබ්බෙ වියැළුණු කැපුම් සලකුණු.. සමහරු ඉන්නේ අත් බැන්ඩේජ් කරන්.. හැබැයි ගානක් වත් නෑ... සුරුට්ටුව ඇදලා දුම් ටික නහයෙන් එලියට එවන ගමන් ගොරෝසු හඩින් කියවනවා...

පාරටම ඉන්නේ මේ නපුරු පාට මිනිස්සු හා වැඩ රාජකාරී ඉවර කරලා ගෙවල් වලට යන මිනිස්සු කීප දෙනෙක් විතරයි... ඒ නපුරු මිනිස්සු පාරේ යන මිනිස්සුන්ට නම් උසුලු විසුලු කරනවා වත් පේන්න නම් නෑ.. හොද මැරයොද දන්නෑ නෙද...

💚 ආ... සුගා..... මොකෝ වෙන්නෙ ඉතින්....

කොහේදෝ මන්දා ඉදන් කඩන් පාත් උන තරුණයෙක් අතේ තියන ශොපින් බෑග් එකත් පස්සට කරන් කතා කරේ අර මිනිස්සු ගැන්සියේ මිනිහෙක්ට..

• B A D • D A D D I E S • ✔️✔️ Yizhan Where stories live. Discover now