Chapter 2

1.2K 257 90
                                    

"මොකද අද උඹලට මේ වෙලා තියෙන්නෙ දරුවෝ... ගිහින් බත් ටිකක් කාපන් කෑම නිවෙන්න කලියෙන්."

එදා සිද්ධියෙන් පස්සෙ සතියක් ඉවර උනා.. ආයෙ මං ඒ මූනවත් බැලුවෙ නෑ.දැනුණු ආදරේ උපන් ගෙයිම මරල දැම්ම මම වෙනද වගේම ජීවත් වෙන්න පුරුදු උනා. හැබැයි මටවත් නොතේරෙන හරිම හිස් හැගිමක් තිබුනා.. මං වැඩට ගියා ගෙදර ආවා.. එයා දවස් කීපයක්ම ශොප් එකට ආවත් සුදු නැන්දට විස්තරේ තේරුම් කරපු මම එයා එන වෙලාවට ඇතුලට ගිහින් හැංගිලා හිටියා.. ඕන් නෑ.. මොනවටද නිකන්.. ආදරේ කරන්නයි කුනු කතා අහන්නයි දෙකක් කරන්න බෑ සංගීත වේදියෝ හරිද. කොහොම උනත් මට ආයෙ ඒ මනුස්සයවනම් එපා කියල මම හිත හදාගත්තා..

.
.
.
.
.
.
.

" අයින් වෙයල්ලා.. අහකට පලයන් "

මම හිටියෙ මගෙ හොදම යාලුවා උදානි එක්ක.. මේ හරියෙ කැම්පස් එකක් තියෙන නිසාම ටිකක් විතර තද බදේ අතින් වැඩී.. ඒ එක්කම ඇහුනෙ අපිට ටිකක් එහායින් කාව හරි කොල්ලෙක්ව කලබලෙන් උස්සගෙන තව කොල්ලො ටිකක් දුවන් එනවා..

" අඩෝ ලේ එනවා ඉක්මන් කරපන් "

" කෝ පකෝ වාහනේ "

කවුද දන්නෙ නෑ එතන එකම කලබලයක්.. ඒ අය අපිව පහු කරන් ගියෙ මායි උදානි ගල් වෙලා බයෙන් බලන් ඉද්දි..

" මල්ලි වතුර එකක් දීපන් "

මූනට මාස්ක් එකක් දාල හිටපු ඒ කෙනා සද්දෙන් ඉල්ලද්දි මම කලබලෙන් දුන්නෙ බෑග් එකේ තිබ්බ මගෙ වතුර බෝතලේ..

" ලේන්සුවක් දීප.. ආ තමුසෙ?? "

"මේක වි.."

"ඕක දෙනවා"

නෑ මට වචනයක්වත් කියන්න හම්බුන් නෑ කියන්න කිව්වට මගෙ අතින් පයින් වනල කතා කරන ගොළු භාශාව ඉතින් එයාලට තේරෙනවද. වචන පිට වෙන්නෙ මගෙ හිතින් විතරක් වෙනකොට කොහොම තේරුම් ගන්නද.... එහෙම්මම එයා මගෙ අතේ තිබ්බ ලේන්සුවත් අරං යන්න ගියා.. හැබැයි ඒ කටහඩනම් මට හොදටම පුරුදයි. මාර මිනිස්සු තමා.

" මොකද බං ඒ උනේ "

උදානි අහද්දි මම උරහිස් ඇකිලුවේ අනේ මන්දා කියන්න වගේ..

නිහඬ ස්වරWhere stories live. Discover now