නම්ජුන් කියනකොට හොසොක් කල්පනා කලා

"ඔෆිසර් එහෙම හිතනවා නම් අපි ගායුල්ගෙ විස්තර ටිකක් හොයලා බලන්නම්"

හොසොක් කියනකොට නම්ජුන් හිස වනලා එකග තාවය පල කලා මිසක් කිසිවක් කිව්වෙ නැත්තෙ ඔහුගෙ හිතෙ තිබුණු කලකිරීම මුසු හැගිම නිසා.

_______

"ෆක්..!! මාව බිමින් තියනවා යූ ෆකින් ජින් හෙඩ්!"

ටේහ්‍යුන් ජන්කුක් ගෙන් ගැලවෙන්න උත්සාහ කරන ගමන් කීවේ ආයෙමත් ඔවුන් නතර වෙලා ඉන්න බිල්ඩින් එක ගාවට ටේහ්‍යුන් දාගෙන වාහනෙ ඇවිල්ලා ජන්කුක් ටේහ්‍යුන්වත් උස්සගෙනම වාහනෙන් බැහැලා රූම් එක ඇතුලට ගියපු නිසා.

"මාව අත අරිනවා"

ටේහ්‍යුන් කෑ ගැහුවම ජන්කුක් ටේහ්‍යුන්ව ගෙනල්ලා ඇඳ උඩට අත ඇරියාම ටේහ්‍යුන්ට කෙඳිරි ගෑවුනා. ඇඳේ හෙඩ් බෝඩ් එකට හේත්තු උන ටේහ්‍යුන් එයා දාගෙන හිටපු හීල්ස් දෙක ගලෝලා ඒකෙන් ජන්කුක් ට ගැහුවත් ජන්කුක් ටිකක් එහාට වෙලා ටේහ්‍යුන්ගෙ පහරින් බේරුනා.

"තමුන්ට මොකද වෙලා තියෙන්නෙ. මට මගෙ ජූස් එක බීලා ඉවර කරන්නවත් බැරි උනා"

ටේහ්‍යුන් ජන්කුක් ට තරහෙන් බනිනකොට ජන්කුක් ටේහ්‍යුන් දිහා රවලා බැලුවා.

"මට නොකියා තමුන්ට කොහෙවත් යන්න බෑ"

"ඇයි බැරි? මම මොකටද මම යන යන තැන් තමුන්ට කියන්නෙ ආ? තමුන් මගෙ කවුද??"

ටේහ්‍යුන් කෑ ගැහුවත් ටේහ්‍යුන් ඔහුගෙ අවසාන ප්‍රශ්නයට ජන්කුක් ගෙන් උත්තරයක් බලාපොරොත්තු උනා. නමුත් ජන්කුක් ඔහුට උත්තරයක් දෙන්නෙ නැතිව මේසෙ මත තිබ්බ බියර් බෝතලයෙන් වීදුරු බාගයක් පුරෝගෙන එක හුස්මට බිව්වා.

"තමුන් බයයි" ටේහ්‍යුන් කට කොනකින් හිනා උනා. "මම පැනලා යයි කියලා ජන්කුක් බයයි. එතකොට ජන්කුක් ගෙ සෙක්ස් ටෝයි නැතිව යනවානෙ ජන්කුක් ට" ටේහ්‍යුන් හිනා වෙනකොට ජන්කුක් ටේහ්‍යුන්ට උත්තරයක් දුන්නෙ නැහැ.

"ජන්කුක් බයයි මම කාත් එක්ක හරි පැනලා යයි කියලා. මම නැති උනාම ජන්කුක් ට හිතුමතේට සෙක්ස් කරන්න කෙනෙක් නැතිව යනවානෙ"

Tickets To The Hell | taekook ✓ Where stories live. Discover now