1 වන පරිච්ඡේදය

Start from the beginning
                                    

කොහොම හරි කාලා උලෙළ පටන් ගත්තා.

"මාණි බහින්න"

කඩිමුඩියේ ආවත් තාමත් අර පෙජෙරෝ එක නම් නවත්තපු තැන එහෙමමයි. වාහනේ රියදුරු අසුනේ හිටියේ කලු ඇදගත්ත රියදුරුවරයෙක්. ඉතින් ආපු කටහඩ ආවේ පිටි පස්සෙන්.. හොඳ හැඩි දැඩි ඇගක් තියෙන මහත්මා පෙනුමට උරුමකම් කිව්ව වයස පනහකට ලං කරපු නාථ දේවප්‍රිය කියන්නේ ලංකාවේ නම ගිය තේ අපනයනය කර්මාන්තයක හිමිකරුවෙක්. එයාගේ එහා පැත්තේ හිටියේ ඒ පවුලෙ බාලයා.. බාලයා කියන නමට හරියටම සාධාරණයක් කරපු කොල්ලෝ තුන්දෙනෙක් ඉන්න පවුලේ අන්තිමයා.. රුෂිර මාණික්‍ය.

"හ්ම්"

එයා ඇදන් හිටියේ තමන් අද මේ භාර වෙන්න යන පිරිමි පාසලේ සම්මත නිල ඇඳුම.

ඉතින් තාත්තා බැස්සත් එක්කම මාණික්‍ය ත් වාහනයෙන් බිමට අඩිය තිබ්බේ හරියට තියන්න ඕන නිසා තිබ්බා වගේ.. මෙච්චර වෙලා ආවරණය වෙලා තිබ්බ මූනට ඉර එලිය වැටෙන්න දාගෙන හිටපු කැප් එක ගලවලා එයා වාහනේ ඇතුලට විසික් කරලා බෑග් එක තනි අතට එල්ල ගත්තා..

සුදු කලිසමයි සුදු අත් කොට කමිසයයි ඒ එකේම පොකට් එක ගාව කෙලවරේ නිල් කහ රතු පාට තුනෙන් හරහට ඉරි ගිය පාසලේ අනන්‍යතාවය. මාණික්‍ය උසින් අඩි පහයි දහයක් වගේ.. උසට හරියන මහත සුදු හම වුනත් අව්වට පිච්චුන පාට ලාවට තිබ්බා.. හිනාවක් නැති මූණ හරිම මුරණ්ඩු පාටයි. කලු කොන්ඩේ කලු පාට මුරණ්ඩු ඇස් ඒකටම ගැලපෙන්න දකුණු ඇහැ උඩ ඉතුරු වුන තුවාලෙකට ගහපු ප්ලාස්ටරයක් ඉතුරු වෙලා තිබ්බා.

"let's go මාණි ඔයාට මේ school එකේ කලින් වගේ ඉන්න බෑ මගේ යාලුවා ගොඩක් strict"

කිව්ව කතාවෙත් බුරුලක් කොහෙත්ම පේන්න තිබ්බේ නැතුව වුනත් නාථ ගේ කතාව ආවේ තාමත් පොඩි එකාව හුරතල් කරන ජාතියේ කටහඩකින්.

"ඒක මගේ වැරැද්ද නෙමෙයි"

"ඔයාගේ වැරැද්ද නෙමෙයි තමයි ඒ වුනත් ඔයා මෙහෙට transfer වුනා කියලා මෙහෙ team එකේ අයත් දන්නවා ඇති"

එයාලා දිගටම ඇවිදගෙන ගියේ ඉස්කෝලේ කොහෙත්ම හම්බවෙන්න අමාරු විදුහල්පතිගේ කාර්යාලය පැත්තට.. ඒ වෙලාවෙත් නාථ එයාගේ ෆෝන් එකෙන් කාටද මන්දා මිස් කෝල් එකක් ගහලා ඉවර වුනා විතරයි. ඒත් මාණික්‍යට නම් ආපු අලුත් ඉස්කෝලේ මොන වගේද කියලා බලන්නවත් ඕන කමක් තිබ්බේ නෑ..

කස්තුරි සුවඳ ✓ Where stories live. Discover now