13.

1.9K 453 40
                                    

වෙලාව රෑ එකොළහ හමාරයි.මේ දවස් ටිකේම ආග්‍රගේ වෙඩිමෙ වැඩ නිසා රෑ ගෙවිලා ගියේ වලව්වේ.ගෙදරට ආපු උන්ට එක එක වර්ගෙන්ම කෑම උයලම හෙම්බත් වෙලා අම්මා කුස්සිය ගාව බූරු ඇඳේ වැටිලා නිදි.වැලේ තිබ්බ චීත්ත කෑල්ලක් මං අම්මගෙ කකුල් වැහෙන්න පෙරෙව්වෙ සීතල නැති වෙන්න.බිම තිබ්බ පැඳුරේ ඇලවෙලත් නින්දක් නැති නිසා මං එළියේ තිබ්බ බංකුව උඩින් වාඩි වුනා.අමාවකට ලං වෙන හඳ පලුවක් විතරයි මුලු අහසටම තිබ්බේ.වැවේ ඉස්මත්තෙන් එන හීතළ හුළඟ ඇඟේ වැදිලා ඈතට යනවා.මුලු වලව්වම හරිම නිශ්ශබ්දයි.උදේ වරුවක නම් බලන්න තිබ්බා තොවිලයක් වගේ.එක එකා එහෙට මෙහෙට දුව දුව කයිය ගගහා වැඩ.මම බංකුව උඩ හාන්සි වෙලා කකුලක් පිට කකුලක් දාගත්තා.සැනසීමක් තියෙන්නෙ මේ වෙලාවට විතරයි.සමන් පිච්ච වැලෙන් එන සුවඳින් පෙනහලු පිරෙන්න මං හුස්මක් ගත්තා.පලාතටම ඇහෙන්න ඔරලෝසු සීයගේ දොළහ වැදුන පාර මං උඩ ගිහින් ඇහැරුණා.එහෙට මෙහෙට වෙලා ඇඹරෙච්ච ඇට කූඩුවත් සෙට් කරන් නැඟිටින්න හදද්දි ඇහුනේ වලව්වෙ කුස්සිය පැත්තෙන් දොර ඇරෙනවා.මේ අවේලාවෙ මොකාද කුස්සියට එන්නේ.

ඕනෙ එකෙක් කියලා මං නැඟිටලා මිදුලෙ ඇවිද්දෙ ඇගේ හිරිය ඇරගන්න.නිදාගන්න ඕනෙ වුනත් බෑ වගේ.මං ගේ ඉස්සරහා පොල් ගහේ තිබ්බ ඕකිඩි මලකට තට්ටුවක් දැම්මා.එතකොට තමා දැනුනේ පිටිපස්සෙ කවුරු හරි ඉන්නවා කියලා.බැලුවහමා අරූගෙ ලොකු අම්මගෙ දුව.මේඝනා.

මං ගෑනි දිහා බලලා ගෙට යන්න හැදුවේ.කෙල්ල පාස් වෙනවා එක්කම ඒකි මගෙ අත අල්ලගත්තා.

"පොඩ්ඩක් ඉන්නවා ඔහොම"

මම ඇයි අහන්න වගේ ඔලුව උස්සලා මගෙ අහ ඇඳලා ගත්තා.ඒ වේගෙටම මේකි ඇවිල්ල වෙලුනෙ නැතැයි මගෙ ඇගේ.

"එහාට වෙන්න"

"ඔහොම ඉන්න කේත්.ඔයාගෙ පපුව හරි සනීපයි"

"මොනවද කරන්නේ.එහාට වෙනවා චූටි මැනිකේ"

"ඇයි කේත්.ඔයා ආස නෑ කියලද කියන්නේ.බොරු නොකියා ඉන්නවා හලෝ.මැණිකෙ කෙනෙක්ගෙ හුළඟක් වදින්නත් උබ පිං කරලා.අනික උබත් පිරිමියෙක් නේ"

එහෙම කියද්දි දැනුනේ ගෑණි ඒකිගෙ පපුව මගෙ ඇගේ අතුල්ලනවා.මේ රට විනාසයි හුත්තෝ මේ ගෑනි තන පටයක් වත් ඇඳගෙන නෑ.ඒකිගෙ ගැට දෙක මගෙ පපුවෙ වදිනවා.මගෙ බඩේ බැඳලා තියෙන අත් දෙක ගලවලා මේකිව අහක් කරන්න හදද්දි මේකි බුවැල්ලියක් වගේ ඇගටම ඇලෙනවා.

ආග්‍රWhere stories live. Discover now