Chapter 22🧁

408 109 35
                                    

ගගායි ඩයිලන් ගගයි එළියට යනවලු .ඒකත් මාව මෙහෙ දාලා.... අනික එයාලා දෙන්නා යන්නෙ වාහන දෙකක. ඇයි ඒ? මහ විකාරයක්නේ.. ගගාටත් එයාගෙ යාළුවො එක්ක එකට ඉන්නකොට පිස්සු තද වෙනවද කොහෙද.හිටපනකො මාත් යනවා පිටිපස්සෙන් . 

"මං එනකම් පරිස්සමෙන් ඉන්න චූටියො..."

ගගා මගේ ඔලුව මැද්දට සිපුමක් දුන්නම මම හිනා වෙලා ඔලුව වැනුවා.

ගගාලා එලියට ගිය ගමන් මාත් පාරට පැනලා ටැක්සියකට අත දැම්මා.

"අර වාහනේ ෆලෝ කරන්න..."

මං ගගා නැගපු වාහනේ පෙන්නලා කිව්වා. .ඩයිලන් ඉන්න කාර් එක ඉස්සර වෙලා යද්දී ගගා හිටපු කාර් එක ගියේ ඊට පිටිපස්සෙන්

ටික දුරක් ගියාම මං ගගාට කෝල් එකක් ගත්තා.

"හෙලෝ යීබෝ.."

"ගගා ඔය ඉස්සරහින් බහින්න.."

"මොකද්ද"

"ඔය ඔතනින් නවත්තලා බහිනවකො ගගා මං ඔයාට පිටිපස්සෙ ඉන්නේ"

"මොනවා! "

ගගා ඒ කාර් එකෙන් බැස්සම මං හිටපු ටැක්සිය ගගාගේ ඉස්සරහින් නැවැත්තුවා.

"නගින්න මහත්තයා..."

මං ගගාට ඇහැක් ගහලා කියද්දි එයා සද්දෙට බර හුස්මක් පිට කරලා වාහනේට නැග්ගා.

"මොනාද මේ කරන විකාර වැඩ ?"

"ඉතින් මටත් එන්න ඕනි උනා..අර ඩයිලන් ගෙන්නපු වාහනයක්නේ..ඒකට නැගලා ඔයාගෙන් බැනුම් අහන්න බැරි නිසා මං ටැක්සියක ආවා."

මං අත් දෙකෙන්ම ගගාගේ අත බදාගෙන ඒ උරහිස උඩින් ඔලුව තියාගත්තා.

"අනේ මන්දා පැටියො ඔයත් මහ පිස්සු වැඩ කරන්නෙ."

මං මොකුත් නොකියා ගගාගේ උරහිස උඩින් හාදුවක් තිබ්බා.

"අර ඉස්සරහින් යන වාහනේ පිටිපස්සෙන් යමු අපි"

ගගා ඇඟිල්ල දික් කරලා ඩ්‍රයිවර්ට කිව්වා.

"හිතුවක්කාරකම නම් දැන් ගානට වැඩී හොඳේ.."

"ආදරේ නිසානේ මේ හැමදේම ගගා..."

අපි දෙන්නා කියව කියව යනකොට එක පාරටම ඩ්‍රයිවර් අපිව විසික් වෙලා යන්න පුළුවන් වේගෙන් බ්‍රේක් එකක් ගැහුවා. ගගා මගේ ඔලුවට අත තියලා මාව අල්ල ගත්තා.

Little Cupcake 🧁(Completed)Donde viven las historias. Descúbrelo ahora