Chapter 09🧁

439 131 74
                                    

මං මගෙ කාර් එකත් ස්ටාර්ට් කරගෙන ගෙදරින් ටිකක් එහාට ඇවිත් පාර අයිනේ කාර් එක නැවැත්තුවා. ඇත්තටම මට ඕනි දවස් තුනහතරකට කාවවත් හම්බවෙන්නෙ නැතුව පාඩුවෙ ඉඳලා මගේ හිත හදාගන්න.මට ගෙදර යන්නත් බෑ..එහෙම උනොත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. නිකම්ම නිකම් පවුල් දෙකක් අතරෙ නෙවෙයි කම්පැනි දෙකක් අතරෙයි ප්‍රශ්නෙ ඇති වෙන්නේ.

ඒ නිසා මට ටික දවසකට ඔෆිස් එන්න වෙන්නෙ නෑ කියලා මං මේල් එකක් දැම්මා. තාත්තා අමුතුවෙන් ගගාගෙන් කෝල් කරලා අහන එකක් නෑනේ එතකොට.

ආයෙම වාහනේ ස්ටාර්ට් කරගත්ත මං කෙලින්ම ගියේ මියුසියම් එක ලඟ තියෙන ආට් ගැලරි එකට.ඒකේ  අයිතිකාරයා තමා ගගාගෙ අම්මා.

කෝල් එකක්වත් නොදී මං එතනට ගියා.

"ස්‍ටෙෆනි මිස් ඉන්නවද ? "

"ආහ් මැඩම් එළියට ගිහින්නේ. එන්න ටිකක් හවස් වෙයි"

"මට එයාඑනකම් ඉන්න පුළුවන්ද?"

"ඔව් සර් මෙහෙන් ඇවිත් ඉඳගන්න.මං මැඩම්ට ඉන්ෆෝම් කරන්නම්...කවුරු ආවා කියලද කියන්න ඕනි?"

"යීබෝ ඇවිත් කියන්නකො එයා එතකොට දන්නවා"

"හරි සර්"

මං හවස් වෙනකම් එතන කැෆේ එකේ ඉඳගෙන බලා ගෙන හිටියා.

"සර් මේක නම් දැන් වහනවා.කැෆේ එකත් එතකොට වහනවා. "

"ඔයාලගෙ මැඩම් මොකද කිව්වේ ?"

"මැඩම් නම් එන්නම් කියලා කිව්වා.ඒත් මං දැන් ටිකකට කලින් කෝල් කරද්දි නම් පෝන් එක ඉස්සුවෙ නෑ"

"ඔයා කිව්වද යීබෝ ඇවිත් ඉන්නවා කියලා?"

"ඔව් කිව්වා සර්"

"හරි මං එලියට යන්නම්.තැන්කිව් "

දැන් වෙලාව රෑ 8යි .මං තවම ආට් ගැලරි එක ඉස්සරහ.අම්මා එන එකක් නැද්ද? මං ඉන්නවා කියලත්... මං එතන එහාට්ට මෙහාට්ට ඇවිද ඇවිද ඉද්දී කාර් එකක් ඇවිත් මං ඉස්සරහින් නතර කලා.

කාර් එකේ දොර ඇරගෙන එළියට ආවෙ ගගාගෙ අම්මා.

"අම්මා....."

මං දුවගෙන ගිහින් එයාව බදාගත්තා.

"අනේ මං හිතුවෙ ඔයා එන එකක් නෑ කියලා.."

Little Cupcake 🧁(Completed)Where stories live. Discover now