🩸Don't leave me 🔞

Start from the beginning
                                    

ඔච්චර මාව දැනුන නං..ඇයි දෙයියනේ යිබෝට ආදරේ කරේ...ඇයි මේහෙම දේ්වල් කිියන්නෙ..

ශෙන් හිතුවත් සිනහවක් පමනක් දී ජනේලෙන් පිටතට පැමින යන්නට ගියෙ සීන් ඔහුගේ කාමරයේ සුපුරුදු ලෙස තනිවන විටය...

" හ්ම්ම්..මට පාලුයි..මගේ යිබෝ..කවදද ආයිම ඔයාගෙ සීන් ලඟට එන්නෙ..ආවත් උබට පුලුවන්ද මට සමාව දෙන්න.."

.
.
.
.
.
කලු කුඩයක්...මට මොකටද කලු කුඩයක්....වැම්පයර් රාජ්‍යයෙ එකම සාමාන්‍ය වැසියා මමයි..සුදුලූනු පාන් ගෙඩියක් කබාය අස්සෙ තියාගත්තෙ බඩගින්නට කන්නම විතරක් නෙවෙයි..වැරදිලාවත්...මට මගෙ ජිවිතේට අනතුරක් ආවොත්..හ්ම්ම්..කලුු පාට කුඩ වලින් මුලු රාජ්‍යම වැහිල..එලියක් පේන්නෙ නැති තරන්....කලු පාට තිර රෙදි ඇදල කඩවල් වල එකේක දේවල් විකුනනව..මං කියල මොනව ගන්නද.මගෙ ජීවිතේ් ගෙවෙන්නෙ හැමදාම සුදුලූනු පාන් ගෙඩියක් එක්ක වෙනකොට...

" මහත්තයා..මහත්තයා...මේ...ඔබේ සහකාරියට දෙන්න මෙ වගෙ පලඳනාවක් රැගෙන යන්න..."

" ඒත්..මට සහකාරියක් නෑනෙ සීයෙ "

කහ ගැහිච්ච ඇඳුමකින් හිටිය වයසක මනුස්සයා අහිංසක විදියට කූඩාරමේ ඉදන් මට කිව්වෙ එකපාරම ඒ මනුස්සයව මගෑරල යන්න මගෙ හිත ඉඩ නොදෙද්දි...

" ඔබ ගුනයහපත් දරුවෙක්....ඔබ තමා පලමු පුද්ගලයා මගෙ කීම අහන්න මෙ කුඩාරම අසල නැවතුන...මෙයින් කැමති එකක් ඔබ රැගෙන යන්න...ඕනම වෙලාවක ඔබට උදව් කිරීමට මං සිටිනව..ඔබට ජීවිතේ වටිනම පුද්ගලයකු හමුවේවි ඔහුව මගෑර ගන්න එපා....මතකයේ තබා ගන්න දරුවා. ."

" ඒත් සීයෙ...ම..."

" මේක තියාගන්න....ඔබට වටිනවා කිියල හැඟුනොත් ඒ ඔහුගෙ හො ඇයගේ අතෙහි ඕක ගැටසන්න..."

ඒක අත් පලඳාවක්...මුහුදු නිලට හුරු පබලු වලින් සාදා තිබුන පලඳනාව චාම් බවක් ගෙනෙද්දි එය කබායෙ දාගත්තු මම ස්තූති කරන්න බැලුවත් වයසක සීයා ඒ කොහෙවත් නැති වෙද්දි මම මග දිගටම එන්න ආවෙ ඔහු පැවසු මගෙ ජීවිතයට වටිනා පුද්ගලයා කවුරුන්ද හිතන ගමන්..

" එහෙම කෙනෙක් ඉන්නම ඕන් නැනේ..විකර හිතන්නැතුව හිටපන් ශෙන්.."

LIFE or DEATH...A vampire's bloody promise🩸 ( Zhanyi ongoing )Where stories live. Discover now