"මොකෝ මේ ලමයො"

"අම්මා මං ගෙදරින් ආවා"

"ඒ කියන්නේ.."

"ඒ කියන්නෙ මම ගගා එක්ක තරහ වෙලා ආවා.මට අපේ ගෙදර යන්නත් බෑ අම්මේ..එහෙම උනොත් අපෙ තාත්තා කලබල වෙලා මේක ලොකු ප්‍රශ්නයක් වෙයි."

"හරි ඉතින් දැන් මොකද්ද ඔය ලමයා කරන්න හදන්නේ.?"

"ටික දවසකට මාව ඔයා ගාව තියාගන්න බැරිද?"

"බැරි කමක් නම් නෑ.ඒත් අපෙ පුතා එක්කඔය ලමයා ඇයි තරහ උනේ?"

"ඒ දේවල් පස්සෙ කියන්නම් අපි මුලින්ම යමුකො අනේ...මං උදේ ඉඳන් මෙතන "

"ඔකේ..‍යමු එහෙනම්."

අම්මා කාර් එකට නැග්ගම මං ඒ වාහනේ පිටිපස්සෙන් ඩ්‍රයිව් කරගෙන ගියා.

මියුසියම් එක ගාව ඉඳන් වැඩි දුරක් නෑ. හරිම වෙනස් ගෙයක්.පරන බන්ග්ලෝ එකක් වගේ. ගගාගෙ අම්මලා පාරම්පරික සල්ලිකාරයො  වගේ. 

"යමු ඇතුලට "

"වාව් ...මේ ගෙදර අමුතුම ගතියක් තියෙන්නෙ අම්මා"

"හ්ම්ම්ම්"

ගේ ඇතුල Esthetic පෙනුමක් තිබුනා.ඒ වගෙ පරණ කාලේ මිල අධික බඩු තමයි වටේම තිබුනේ.ඒත් එක්කම පරම්පරා ගානක පොටෝ ගහපු වෙනම බිත්තියක් තිබුනා..අම්මෝ ඒකේ ගගාගේ සීයා, අත්තා, මුත්තා, කිත්තා, කිරිකිත්තා,පන්ත්තා, පනත්තාගෙ ලොකුතාත්තාගේ පාවා පොටෝ තියෙද කොහෙද. පිස්සු හැදෙයි.ලොකූම ලොකුගෙයක් උනාට කෝ කවුරුත් නෑනේ.. බැරි වෙලාවත් අම්මා මේ පත ජාතක ගේ අස්සෙ ඉන්නෙ තනියමද?

"ජෙසමි....ජෙසමී..."

අම්මා කෑගහද්දි පොඩි කෙල්ලෙක් දුවගෙන ආවා.

"ලොකු නෝනා ...."

"කෝ ජෙසමි නැද්ද.එයාට ගිහින් කියන්න කාමරයක් ලෑස්ති කරන්න කියලා."

"හොඳමයි ලොකු නෝනා."

එ කෙල්ල ආයෙම ඇතුළට දිව්වා.

"කව්ද අම්මා ඒ"

"ඒ  ස'වන්ට්ගෙ දුව."

"ආහ්... එයාලත් ඉන්නෙ මෙහෙද?"

"ඒ දෙන්නට ඉන්න තැනක් නෑ කිව්වනෙ .ඉතින් මං මෙහෙ නවත්තගත්තා."

Little Cupcake 🧁(Completed)Where stories live. Discover now