පුස්තකාලේ කොනක මේසෙක හරිම සංසුන් විදිහට පොතක් කියවමින් ඉන්න නම්ජුන් දිහා තේහ්යුන් ඈත ඉදන් බලන් හිටියා. දැන් පැයකට වැඩි කාලයක් තේහ්යුන් ඒ විදිහට ඔහු දිහා බලන් හිටියා. හායුන් කියන්නේ ඔහුගේ පෙම්වතිය කියලා මතක් වෙද්දී තේහ්යුන් අත ඉබේම මිට මෙලවුනේ ඉරිසියාව , තරහව වගේම දුකත් හිත ඇතුලේ තෙරපෙද්දී.
නම්ජුන් අන්තිමට පොත කියවලා ඉවර වෙලා අත් දෙක ඉස්සරහට දික් කරලා හිරි ඇරලා පොතත් අරගෙන මේසෙන් නැගිට්ටා. ඔහු තේහ්යුන් ඉදගෙන හිටපු මේසේ පහු කරලා යද්දී තේහ්යුන් නම්ජුන් දිහාම එක එල්ලේ බලන් හිටියා.
නම්ජුන් පුස්තකාලෙන් එලියට යන්න දොර දිහාවට යද්දී තේහ්යුන් ඔහු පස්සෙන්ම ගියා. නම්ජුන් දොර අරින්න කලින් තේහ්යුන් දුවගෙන ඇවිත් දොර ඇරලා ඔහුට යන්න ඉඩ හදලා දුන්නා . නම්ජුන් ඔහු දිහා බැලුවේ පුදුමෙන් වගේ." ඔයාට ස්තූතියි.."
නම්ජුනා තේහ්යුන්ට ආචාර කරලා පුස්තකාල දොරෙන් එලියට ආවා." මම ඔයාව දන්නවද.."
නම්ජුන් තේහ්යුන් දිහා බැලුවේ කුතුහලේන් ." මම හිතන්නේ සමහරවිට දන්නවා ඇති.. මිස්ටර් කිම් නම්ජුන්.." .
" ඔයා මගේ නම දන්නවා..?"
" ඔව්.. ඔයා චෝයි හායුන්ව දන්නවා එහෙම නේද.."
"හායුන්...ඔව් ඒ මගේ ගර්ල්ෆෙන්ඩ්. ඔයා එයාගේ යාලුවෙක් ද.."
" මිස්ටර් නම්ජුන්.. අපි කොපි එකක් බොන ගමන් කතා කරොත් නරකද.."
තේහ්යුන් කලිසම් සාක්කුවට අත් දෙකත් දාගෙන ඉස්සරහට යද්දී නම්ජුන් ඔහු දිහා බැලුවේ පුදුමෙන් වගෙයි.
තේහ්යුන්, නම්ජුන්ව ලග තියෙන කොෆි ශොප් එකකට එක්කරගෙන ගියා. ඔවුන් දෙන්නා අතර ඒ අතර තුර තිබ්බේ ලොකු නිහඩබවක්. තේහ්යුන් දැනටමත් නම්ජුන් දිහා බැලුවේ හතුරෙක් දිහා බලනවා වගෙයි. ඒත් නම්ජුන්ට තේහ්යුන් ගැන කිසිම අදහසක් තිබුනේ නෑ.
" ඔයාට මට මොනවා හරි කියන්න තියෙනවද මිස්ටර් ...."
නම්ජුන් දුම් දාන කෝපි කෝප්පය දිහා බලාගෙන ඉන්න තේහ්යුන්ගෙන් ඇහුවේ ඔහු කතාවට මුල පුරන බවක් පේන්න තිබුනේ නැති නිසයි.
YOU ARE READING
𝘽𝙚𝙝𝙞𝙣𝙙 𝙏𝙝𝙚 𝙈𝙖𝙨𝙠⎮𝙎𝙝𝙤𝙧𝙩 𝙨𝙩𝙤𝙧𝙮⎮ 𝙆𝙏𝙃
Romance" යන්න එපා.." හායුන් ගේ හදවත කඩන් වැටුනා. ඇයට දැනුනා හදවතට පිහි තුඩකින් අනිනවා වගේ. " එයා මම එනකන් බලන් ඉන්නවා." ඇය ඔහුගේ හුස්ම ලගම මුමුනව්වා. තේහ්යුන් ඇගේ ඉන වටේ තිබ්බ ග්රහනය තවත් වැඩි කරා. " මම ඔයා වෙනුවෙන් හැමදාම බලන් ඉන්නවා හායුන්.."