28 .English Lecture .

Depuis le début
                                    

Professor ගිය නිසා ගොඩාක් දෙනෙක් දගලන්න පටන් ගත්තා. එත් Tea , Jimin නම් මුකුත් කියන්න ගියෙ නෑ මොකද එයලා දන්නවා මෙතන ඉන්න අය කොහොමත් කියන දේ අහන්නෙ නෑ කියලා. එත් Jimin නම් ගැස්සිලා ගියෙ එයා දිහා බලන් ඉන්න Hayon ව දැක්කාම. Hayon කටකොනින් හිනා වීගෙන Jimin දිහා බලන් ඉන්නකොට Jimin බයටම Tea ගාවට ගියා. එදා Jimin ට Hayon කරදර කරත් Tea ට ඒක Jimin කිව්වෙ නෑනෙ.

" මොන යකෙක්ද මන්දා ඕයි Professor අපි මේ කියලා යන්න ආවාම බලහන්කො " Tea මූණත් ඇඹුල් කරන් එහෙම කිව්වාම Jimin ට හිනා ගියා.

" මේ මේ "

" මොකද ? "

" අන්න Jungkook Hyung ඉන්නවා " Jimin එහෙම කිව්වාම Tea Jimin දිහා බලලා ' කෝ ' කියලා ඇසින් සන් කරා.

" අර අන්තිම පේළියෙ ඔයා දිහා බලන් ඉන්නෙ බලන්නකො " Jimin එහෙම කිව්වාම Tea ශේප් එකෙ පිටිපස්ස බැලුවා. Jungkook ඒ වෙනකොටත් Tea දිහා බලන් හිටිය නිසා , ඒකාත් Tea එයා දිහා බලපු නිසා Jungkook හිනා උනා.

" හුම් මෝඩ හාවා " Tea එහෙම කිව්වාම Jimin හිනා උනා.

" ඒ දවස් වල කුක්කා දැන් හාවා " Jimin කින්ඩියට එහෙම කිව්වාම Tea Jimin ගෙ ඔලුවට ටොක්කක් ඇන්නා.

මේ දෙන්නාගෙ කෝලම් දිහා Jungkook  නම් බලන් හිටියෙ ගොඩාක් ආදරෙන් .

" Jimin ඔයා ඔහොම කියද්දි මට ලැජ්ජ හිතෙනවා " Tea මූණත් රතු කරන් එහෙම කිව්වාම Jimin හිනා උනා.

" මනමාල හිනාව " Jimin එහෙම කියලා හිනා උනාම Tea රතු උන මූණ හංගගන්න උත්සහා කරා.

Jimin නොදන්නවා උනත් Jimin දිහා නම් දෙන්නෙක් බලන් හිටියා. එක්කෙනෙක් Hayon වෙන්කොට අනිත් කෙනා උනෙ Min Yoongi . එයාටත් හොරා එයා  Jimin ගෙ හැසිරීම බලන් හිටියා. Yoongi ට ඒක කරන්න හිත නොදුන්නත් එයා හැමවෙලෙම වගෙ Jimin ගෙ හැසිරීම බලන් හිටියා.

" Yoongi Hyung ඒ දෙන්නා ගොඩාක් හුරතල් නේද ? " Jungkook 'දෙන්නා ' කියලා කිව්වෙම Yoongi ට Jimin ගැන තියන අදහස දැනගන්නමයි.

" හුම් " Jungkook ගෙ මූණ ඇඹුල් උනෙ Yoongi මුකුත් නොකිව්ව එකටයි. Jungkook ආසායි Yoongi ගෙ Mate Jimin වෙනවානම්. මොකද Jimin අහින්සකයි එයාට ඒක එයා Jimin එක්ක කතා කරපු දවසෙ ඉදලාම තේරුනා.

ඒ දෙන්නාගෙ ගැලපීම් පවා ගැලපෙනවා.. කොටින්ම එයලා දෙන්නා ගැලපෙනවා. කොට ගැන නම් ඕනෙ නෑ කියමුකො ඒ කොහොම උනත් Yoongi උසයි නෙ Jimin ට වඩා , Yoongi Alpha කෙනෙක් එතකොට Jimin Omega කෙනෙක් .. ඔව් Jungkook දන්නවා Jimin කියන්නෙ Omega කෙනෙක් කියලා Yoongi ට කලින්ම . එතකොට Yoongi සීතල , නපුරු චරිතයක් වෙනකොට Jimin හුරතල් , අහින්සක චරිතයක් . එකිනෙකට වෙනස් හැසිරීම් තිබ්බාත් ඒ දෙන්නාගෙ , එයලාගෙ ඒ හැසිරීම් ගොඩාක් ගැලපෙනවා , ලස්සනයි !!!!

𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.Où les histoires vivent. Découvrez maintenant