මන් රවාගෙනම කිව්වෙ වෙන කියන්න දෙයක් මේ වෙලාවෙ හැටියට මගේ මොලේට ප්‍රොසෙස් උනේ නැති හින්දා වෙන්න ඇති...

මොනා උනත් මන් අපේ ගොන් නාම්බව වැඩිය ගනන් ගන්නෙ නැතුව ආයෙම පාරක් වට පිට බලන්න ගත්තෙ කලින්ට වඩා උනන්දුවෙන්...

ඇත්තටම ඒක හොද රෙස්ටුරන්ට් එකක්..

ඔව්... ඇත්තටම ඒක හොද එකක්....

හොද එකක් කියන්නෙ...

හොද එකක් තමයි...

ඔව් ඒක හොද එකක්...!!

ඇත්ත වශයෙන්ම කිව්වොත් දැන් විනාඩි දෙක තුනකට විතර කලින් ඉදන් සැරින් සැරේට පිටසක්වල ජීවියෙක් දිහා බලන්න වගෙ මන් දිහා බලන දෙතුන් දෙනෙක් ඇරුනම ඒ කොෆී ෂොප් එකේ කියන්න තරම් වරදක් නම් තිබුණෙම නෑ...

ඉතින් මන් කියන්නෙ...

ඒක....

ඔව්.. ඒක හොද කොෆී ශොප් එකක්...!!

"යේරා.. සක බඹරෙ වගෙ ඔතන කැරකි කැරකි ඉන්නෙ නැතුව මෙතනින් වාඩි වෙනව හලෝ..."

විෂ් ටිකක් හෙන ලොකු ලයින් එකේ කියනකොට මම විෂ්ටත් රවලා ඒ පුටුව උඩින් වාඩි උනා.. සැරින් සැරේ මන් දිහා අමුතුවට බලන දෙතුන් දෙනෙක්ටත් රවල ශොප් එකෙ මන් හිටපු තැනට ලගින්ම තිබුණු වෝල් මිරර් එක දිහා මන් නිකමට වගේ බැලුවා..

කියන්න සම්තෝෂයි මට ඒ වෙලාවෙම පොලව පලන් අපාගත වෙන්න තිබ්බා නම් මීට සැපයි සනීපයි කියල තේරුම් ගියේ ඒ වෙලාවෙදි තමයි...

"ඕයි විෂ්.. මට ඇත්තම කියනවා හරිද...?"

"මොකක්ද...?"

"ලගදි ඉදන් තමුසෙගෙ ඇස් පේනව අඩුයි නේද ටිකක්.. ?"

"මොකක්..? තමුසෙට මොංගල්ද යේරා.."

"ඇත්ත කියනවා.. තමුසෙ මේක කලේ දැන දැනම නේද...?"

මන් මට පුලුවන් උපරිම හයියෙන් විෂ්ගෙ කකුලක් පාගන ගමන් කිව්ව උනාට විෂ් නම් හිටියෙ කිසිම ගානක් නැතුව ෆුල් ත්‍රිල් එකේ... ඒ වෙන කොටත් ඒක ඒ යකාට ඒක දැනුනද කියන එකත් මට් සැකයක් වෙලා තිබුණා..

"ඇත්තටම තමුසෙ මගේ හතුරෙක්ද ඕයි...?"

මන් ටිකක් විතර මූන බෙරි පාටට හදාගෙන කියනකොට විෂ් ටිකක් විතර කලබලෙන් වටපිට බැලුවෙ තව විනාඩියකින් දෙකකින් ලොකු කුණාටුවක් එන්න හදන්නෙ කියල අත්දැකීමෙන්ම දන්න කපිතාන් කෙනෙක් වගේ...

Mr. Alien (KTH) || On goingWhere stories live. Discover now