🥀❤️Life 05🥀❤️

360 58 115
                                    

Life with you







වෙනදට අඩුම පැය දෙකක් මටවත් මහත්තයටවත් එක දිගට නින්දක් නෑ . කොන්දේ කැක්කුමක් නැත්නම් කකුලේ කෙන්ඩා හරි පෙරලෙනවා . කොහොමත් නිදාගන්න ගියාට මහත්තයා සැරෙන් සැරේට ඇහැරිලා මගේ කකුල් තවනවා බාම්ගානවා . ඒත් අද මට එක පිම්මේ නින්ද ගිහිල්ලා තිබ්බා . යටි බඩින් හීනි රිදුමක් මතු වෙද්දී අද කවදාවත් නැතුව චූ බරකුත් හැදිලා තිබ්බා .

" ම්ම්ම්හ්.... "

තාමත් ඇදට වෙලා ඇස් පියාගෙන හිමීට එක අතකින් බන්ඩිය අතගාද්දී අනිත් අත ඇද පුරාම එහාට මෙහාට අරගෙන ගියේ හා පැටියා ඉන්නවද බලන්න . හා පැටියත් මගෙන් චුට්ටක් ඈතට වෙන්න අහුවෙද්දී මම ඇස් ඇරලා ඒ දිහා බැලුවා .
අනේ පව් දෙයියනේ කොල්ලා පාඩුවේ නිදි ෂීට් එක හොඳට පොරවලා ගිහිල්ලා මහත්තයා .

" මහත්තයාහ්.... "

ටේබල් ලැම්ප් එක විතරක් දාලා තියෙද්දී ඒ එලිය අපිට හොදටම ඇති වුණා . මහත්තයට කතා කරගෙනම උඩුබෙලි අතට නිදා ගෙන හිටපු මම හිමීට පැත්තට හැරිලා හා පැටියව අරගෙන මට තුරුඑ කරගත්තා . කොල්ලගේ ඔඑව හිමීට අතගාලා නලලට හාදුවක් තියලා පපුවට තුරුඑ කරගෙන මම බැලුවේ මහත්තයා දිහා . 'පුදුමයි හරි නම් මහත්තයා එන්න එපැයි නින්ද ගිහිල්ලවත් ද ?'

" දෙයියනේ.... "

මහත්තයා ඉන්න විදිහ දැක්කහම මට හිල්ලුනා . එයාගේ අතේ තිබ්බ කොලවගයක් සීසීකඩ බෙල්ල කඩාගෙන වැටිලා කන්නාඩි දෙක තාම ඇස්දෙකේ ලැප් එකත් වැටෙන්න ඔන්න මෙන්න . මහත්තයට හොදටම නින්ද ගිහිල්ලා . ගොරත් අදිනවා ඒ අස්සේ . පව් දෙයියනේ මං නිසානේ මේ සේරම .

'අනේ මම කිව්වනේ මගේ මහත්තයෝ ඔයාට මාත් එක්කම නිදා ගමු කියලා . මට ඔයා නැතුව නින්ද යන්නේ නෑ දෙයියනේ පුතා හිටපු නිසා මෙහෙම හරි නිදා ගත්තා නැත්නම් ඒකත් නෑ . මෙච්චර වේදනාවක් විදින්න එපා මගේ මහත්තයගේ අපි වෙනුවෙන්'

මගේ ඇස් දෙකට කදුලු පිරෙනකොට මම හා පැටියවයි ලිටිල් රෑබීවයි අත් දෙකෙන් තුරුඑ කරගෙන මහත්තයා දිහා බලාගෙන හිටියා . මහත්තයගේ මූණෙන් හරි වෙහෙස පාටයි . සීතලේම නින්ද ගිහින් දෙයියනේ !

Life with you [ Your heart -02 ] zhanyi fanfiction Where stories live. Discover now