🥀❤️Life 04🥀❤️

300 50 56
                                    

Life with you





" එන්න මමා.... "

මමා එනවා දැකපු පාර බෙයා ඉක්මනටම කදුලු පිහදගෙන මහත්තයගේ පපුව අස්සට තුරුඑ වුණා . බෙයාට ඕනේ උනේ නෑ මමාලට තමන් ඉන්නේ දුකින් කියලා කියන්න ඒ නිසා බෙයා ඉක්මනට කදුලු හංගගන්න උත්සාහ කරා .

" නිදි නැද්ද පුතේ තාම...මහන්සියට දෙන්නම නිදි කියලා හිතුවේ....? "

" නෑ මමා...ඇයි ඇහැරිලා දැන් ගොඩක් රෑ වෙලානේ...කෝ ඩැඩා....? "

ජාන් ඇහුවේ බෙයාගේ ඔඑව පිරිමදින ගමන් .

" සාලේ tv බලනවා...මං ආවේ මෙයාව බලලා යන්න.... "

මමා බෙයා ලගට ඇවිල්ලා බෙයාගේ ඔඑව හිමීට අතගෑවා . බෙයා තාම ඔඑව ඉස්සුවේ නැති උනත් මමා බෙයා දිහා ආදරේ බලාන ඉන්නකොට මමාගේ ඇස්වල සතුටක් වගේ ම වේදනාවකුත් ගැබ් වෙලා තියෙනවා ශාන් දැක්කා .

" මොකෝ මේ එක්කෙනෙක් මහත්තයගේ පපුව බදාගෙන...අමාරුවක් දැනෙනවද රත්තරන්....? "

මමා අහනකොට බෙයා හිමීට ඔඑව උස්සලා මමා දිහා බැලුවා . බයාට තමන්ගේ පවුලේ අයගෙන් ලැබෙන මේ ආදරය , සෙනහස , රැකවරණය ඇත්තටම දරාගන්න අමාරු වුණා . ඒ නිසාම බෙයාට ඇඩෙන්න ආවත් අමාරුවෙන් පාලනය වුණා .

" බෝදී.... "

ශාන් බෙයාට කතා කරේ බෙයාගෙන් සද්දයක් නැති නිසා .

" මම හොදින් මමා.... "

බෙයා මමා දිහා බලලා හිනා වෙනකොට මමා ඇදේ පැත්‍තකින් වාඩි වුණා . මමාට බෙයා ඇඩුවේ ඇයි කියලා ඇහන්න ඕනේ උනත් ඒ ඔක්කොටම කලින් මමාට ඕන වුණේ තමන්ගේ පුතා හොදින්ද කියලා දැන ගන්න .

" මොනාද මැණික තියෙන අමාරු යටිබඩ , කොන්ද රිදෙනවද...හංගන් නැතුව කියන්න පුතේ....? "

මමා බෙයාගේ යටි බඩට අත තියාගෙන ඉන්නකොට කොන්ද අනිත් අතින් හිමීට අතගෑවා . ශාන් මමාගේ මේ ආදරේ දිහා බලාගෙන හිටියෙ ගොඩක් ආසාවෙන් .

" අනේ නෑ මමා බඩ රිදෙන්නේ නෑ කොන්ද නම් චුට්ටක් රිදෙනවා...ඒ ගැන බය වෙන්න දෙයක් නෑ මමා මහත්තයා මගේ කොන්ද අතගෑව නිසා දැන් අඩුයි.... "

" දෙන්නටම කියපුවා මතකයි නේද...?zhanzhan බෙයා ගැන ටිකක් සෝදිසියේ ඉන්න වෙයි පුතේ...මට නම් මෙයාව අද රෑම සුවර් නෑ.... "

Life with you [ Your heart -02 ] zhanyi fanfiction Where stories live. Discover now