" අනූ..... උඹ මොකද කරන්නේ ඔය ජනේලෙත් ඇරගෙන. ...... බලපන් තෙමිල නේද. ....... තොටනම් පිස්සු. ..... අඩුම ගානේ මම දොරට තට්ටු කරනවවත් ඇහුණද කියපන් ......"

කාමෙර්ට ආව නෙතීෂ් මටත් කෑගහගෙන ජනේල් පියන් වහල දානකොට මම කරේ මට නෙමේ වගේ උන්නු එක...... ඌට කේන්ති ගිහින්. ..... ඒත් මට ගානක් නෑ...... මගෙ හිත දුවන්නෙම පරණ අතීතෙට වෙනකොට තාමත් අමතක නොවන ඒ මතකයන්ට සැරින් සැරේ මන්ම හුස්ම දුන්න. .......

" ඕක තමා මම උඹට කලින් මෙහෙ එන්න බෑ කීවෙ.... බලපන්....බලපන් උඹ දිහා. .... තාම විදවනව. ...... මට කේන්තියි බන් ....... මගෙ අම්ම අප්පටත් වඩා සුරේන් අංකල් එක්ක මට කේන්තියි බන් ....... ...... අපෙ සම්බන්ධෙ දැනගත්තම ඌවයි මාවයි ගෙදරින් එලව්ව තමයි.. ඌටයි මටයි බනින්න පුළුවන් උපරිමේටම බැන්න....... ...... ඒත් කවදාවත් ඌවයිමාවයි පොරොන්දුව කියන දිවුරැමෙන් බැන්දුවෙ නෑ....... ......
බලපන් ..එක පොරොන්දුවක් නිසා උඹ වගේම ඌත් විදවනව...... "

ඇත්ත මට ඌට බනින්න බෑ....... ඌ කේන්තියට කියවනව..... ඒත් අංකල්ගෙ පැත්ත බැලුවත් සාධාරණ කියන දේ ඌට නොදැනුනාට මට දැනුන .....

" උඹ ඇයි මේ වෙලාවේ ආවෙ....... "

"මම කියන දේ අහපන්කො..... උඹ ගියාට පස්සේ කවීෂ අයියගෙ ජීවිතේට උන දේවල් ගැන උඹ දන්නවද. .... ...... "

" කවීෂ අයියගෙ .... ..... "

නෙතීෂ්ගෙ මූණ දිහා බැලුවම ඌ හදන්නේ මගෙ පරණ මතකයන්ට ආයෙම පණ දෙන්න කියලා මට හොදටම තේරැන. ...... ඒත් කවදාවත් මගෙ තුවාලෙ පෑරෙන්න නොදී උන්න ඌ අද ඒ මාතෘකාවම ඇදල අරගත්තෙ ලොකු හේතුවකට කියල මට හිතුන ඒ...නැතත් මට දැනගන්න ඕන වුනා..... එයා ගැන හැමදේම වගේ මට දැන ගන්න ඕන කරා......

" හ්ම්ම්. ... "

" කියපන්. ...කියපන් බන් ....මගෙ සුදු මහත්තයාට මොකද වුනේ ..... එයා හොදින් නේද. ..... උඹ කොහොම දැනගත්තෙ. ....... "

" ඔය ....මම උඹට කලින් නොකීවට අපෙ අක්කා නෙතූෂා අක්කගෙ යාලුවෙක් ..... ..... අපි නොදන්න ලොකු කතාවක් එතන තිබිල තියෙනවා බන්. ........ .උඹ කීව වගේ ඌ බැදල ඒත් තාත්තාගෙ බල කීරීමට තමා ..... මොකද කවීෂගෙ තාත්තාට හාට් පොබ්ලම් එකක් තිබිල තියෙනව ...... අනික ඒ බැදපු කෙල්ලට කසාදෙට කලින්ම ලමයෙක් ලැබෙන්නත් ඉදල තියෙනව බන්. ...... පස්සේ ඒකිම ඒ දරැව නැති කරගෙන. ......... ඊට ටික කාලෙකට පස්සෙ ආයෙමත් දරැවෙක් ලැබෙන්න ඉදල තියෙනවා ...... ඒ දරැව තමා ඔය . උඹ එදා දකින්න ඇත්තෙ ...... තාම ඒ හැටි වයසක් නෑ ඒ පොඩිඑකාට ....... මාස අටක් විතර.... ඇති.......... .... ... . ඒත් බන් එතන මොකක් හරි ලොකු ප්‍රශ්නයක් තියනවා. ....... උඹ හොදින් ද ."

Love In My Heart    ( Completed )                           Waar verhalen tot leven komen. Ontdek het nu