හැරිල බලද්දී කිසිම මනුස්සයෙක් පේන මානෙකවත් උන්නෙ නෑ...... මූට පිස්සු ද මන්දා. ..... නැත්තන් අර කීවත් වගේ දරැවෙක් නැති කවුරැහරි මේ පොඩි එකා දිහා බලන් උන්න ද කවුද දන්නේ. ..... ........
සමහරු බඩට එන දරැවවත් මරා ගන්න දගලද්දී වදින්න පුලුවන් හැම දේවාලෙකටම වැදල බාරහාර වෙලා දරැවෙක් ඉල්ලන අම්මල තාත්තලත් කොයිතරම්නම්ද......... ..... මම ඉස්සර
පොඩි කාලේ ඉස්කෝලෙ ඇරිල අම්මල තාත්තලගෙ අතේ එල්ලිලා යන මගෙම වයසෙ ලමයි දිහා බලන් කොච්චර හූල්ලල ඇත්ද. ........ .. ....... ඇත්ත තමයි නැති එකා හැමදාම අම්මෙක්ගෙ තාත්තෙක්ගෙ උණුසුම ලබන්න හීන මැව්වා වෙනකොට වෙනසකට තිබුනෙ උන්න එකාට අගේ නැතිවෙද්දී නැති එකාට ඒ හීනෙත් මහමෙරක් උන එක ...... හරියට මම වගේම ..... මමත් ඒ දවස්වල ඒ හීනෙම මැව්වා. .... ලග නැති උනත් අඩුම ගානෙ හීනෙන්වත් මගෙ ලගට ඇවිත් අම්ම අප්පච්චිගෙ උණුසුම විදින්න මාත් ආසකලා........ ආයෙමත් මගෙ අතේ උන්න පැටිය දැක්කම මගෙ හිත පෑරැණා....... මේ දරැවටත් තාත්ත කියන වචනෙ සමහර විට හීනයක්. ...... ......

"උඹට හොදට පොඩි එවුන් නලවතෑකි නේද....... පොඩිඑකා.... ....... මාමා උන මගෙ අතටවත් එන්නෑ බන්.... "

" ඒක තමයි මල්ලී. ...... පුතාට හොදටම නින්දත් ගිහින්. .... කෝ දෙන්න මල්ලී. ...... උස්සන් ඉදල අතත් රිදෙනව ඇතිනෙහ්..... . ....... "

මගෙ අතේ උන්න පොඩි එකා නෙතීෂ්ගෙ අක්ක අත රිදෙන නිසා වඩාගත්ත වගේම චුට්ටක් එහාට මෙහාට ඇඹරැන පොඩ්ඩ ආයෙම අම්මට තුරැල් උනා. ...... ...... ඒ එක්කම මගෙ පෝන් එකේ රින්ග්ස් යන්න ගත්ත. .....

"හෙලෝ...... "

" හෙලෝ සර්.... අර සර් කීව බෝඩ් මීටින් එක එකට දාගත්ත..... සර්..."

" ම්ම්ම්. ..... හරි..... ඊට අමතරව සප්ලයර්ලට කතා කරන්න ඕන මට ..... ඒ අයවත් දැනුවත් කරන්න. .....බෝඩ් මීටින් එකෙන් පස්සේවගේ.... ඒ අයව මීට් වෙන්න දාගන්න. ...... "

" මොකද බන්..... "

" අවුලක් නෑ. ....බෝඩ් මීටින් එකක්. .....ඒකෙන් පස්සේ මම කල්පනා කරේ සප්ලයර්ස්ලව ටිකක් හම්බවෙන්න.... . ...... මොකද පහුගිය දවස්වල හොටෙල් දෙක තුනකටම ඇවිත් තිබුන වෙජිටබල්, ෆෘට් , තව තව දේවල් කොලිටි අඩු ඒව...... "

Love In My Heart    ( Completed )                           Where stories live. Discover now