" එහෙනම් සාරා..! මම මෙතනින් හැරෙනවා.මගෙ යාලුවා ඉන්නෙ මේ රූම් එකේ.පරිස්සමෙන් යන්න.අපි ආයෙත් දවසක හම්බවෙමු."" හරි ජිමින්.ඔයත් පරිස්සමෙන්.ආයෙ දවසක හම්බවෙමු "
ලස්සන හිනාවක් දීලා එයා යාලුවාව බලන්න ඇතුලට ගියා. මම අත වනාගෙනම අනිත් පැත්තට යන්න පටන් ගත්තෙ බෙහෙත් ටික අරගෙන ජිමින්ව ආයෙ හම්බුනොත් කරපු උදව්වට මොනවහරි දෙනවා කියල හිතාගෙන..
" ජන්කුකා..මම ආවා "
ජිමිනුත් කෑ ගහගෙනම ඇතුලට යනකොට මට දැනුනෙ මාව ගල් වෙනවා වගේ..
ජන්ග්කුක්..!!
ජ්..ජන්ග්කුක්..ඒ ඔයාද ?
මම දෙපාරක් නොහිතම කාමරේ දොරත් ඇරගෙනම ඇතුලට දිව්වා.ජිමින් මගෙ දිහා කන්න වගේ බලන් හිටියත් මගෙ ඇස් තිබ්බෙ ඇද උඩ වාඩි වෙලා මගෙ දිහා බලන් ඉන්න රූපෙ ලග..
ඒ ඔයාමයි ජන්ග්කුක් !!
" සාරා ! ඇයි ? මොකක්හරි ප්‍රශ්නයක්ද? "
ජිමින් මගෙ ලගට ඇවිත් මගෙන් ඇහුවත් මට උත්තර දෙන්න ඕනෙ උනේ නෑ.ඒ වෙනකොටත් මගෙ ඇස් වලින් කදුලු පහලට වැටෙන්න අරන් ඉවරයි..
" ඔයා වෙනුවෙන්ද කුකී ප්රිම් රෝස් ගහ හිටෙව්වෙ ? "
මම ඇහුවෙ එච්චරයි.තාමත් කුකී මගෙ දිහා බලාගෙන ඉන්නවා ඒ බෝල ඇස් වලින්ම.මට ඕනෙ උනා මට ඔයාව ඕනෙ කුකී කියල කෑ ගහල කියන්න.ඒත් මගෙන් වචන වෙනුවට පිට උනේ කදුලු විතරයි..
" මට සමාවෙන්න සාරා "
ඒ කටහඩ ! සති දෙකකට පස්සෙ ආයෙමත් මට ඇහුනා.ඒත් ඒ එයාගෙ ආත්මයෙන් විතරක් නෙවෙයි...එයාගෙ ශරීරයෙන්ම..
××××××××××
" මට සමාවෙන්න සාරා "
එයා මගෙන් සමාව ඉල්ලුවෙ කී වෙනි වතාවටද කියල මට මතක නෑ.මම හිටියෙ කුකීගෙ උරහිසට ඔලුව තියාගෙන ඈතින් පේන මල් යාය දිහා බලාගෙන..
" ඒක හීනයක්ද කුකී ? "
" නෑ ඒක හීනයක් නෙවෙයි මැනික.ඒත් ඒ කතාව ඔයයි මමයි දැනගත්තම ඇති.."
මම හැමදාම අහන ප්‍රශ්නෙට කුකී කිව්වෙ එහෙම.
" මේ ලෝකෙ ඕනෙ තරම් එහෙම දේවල් තියනවා මැනික.ඔයා මම විතරක් නෙවෙයි.තවත් ගොඩක් අය ඒ විදිහට මුනගැහෙනවා.ඔයයි මමයි වගේ එකතු වෙන අයත් ඉන්නවා.ඈත් වෙන අයත් ඉන්නවා.ලෝකෙ තියන හැමදේම විද්‍යාත්මක නෑ මැනික.තාමත් හොයාගන්න බැරි දේවල් ඕනෙ තරම් තියනවා අපි මේ ඉන්න පොලවෙ.ඒත් කැමති නෑ කවුරුත්ම ඒ දේවල් පිලිගන්නවත් ස්ථීර කරගන්නවත්.එහෙම එකේ ඔයාවත් මමත් මේ කතාව කිව්වා කියල කවුරුත් ඒක පිලිගන්නෙ නෑ.ඒක නිසා මේ දේවල් අපි දෙන්නාගෙ මතකෙ තියාගමු....
අවසානය තෙක්ම "
🍀 END 🍀
YOU ARE READING
UNTILE THE END [Sinhala Fanfiction ] Completed
RandomUntil The End... අවසානය තෙක්.. ප්‍රේමය වුවත් එය විදිය යුත්තෙ විවිධාකාරයෙන්.. එවිට එය සුන්දර මෙන්ම සදාකාලිව හදේ තියේවි ප්රිම් රෝස් මල් තරම්ම...