" සොරි ..... ඩැඩී. ... "

" හරි හරි දැන් ..පුතා ආව එකේ ඩිනර් එක ගමු හෙට උදේම යන්න පුළුවන්නෙ...... "

" අනේ ඔව් පුතා.......... වොෂ් එකක් දාගෙන එහෙම එන්නකො ලමයෝ ....."

" හා .....අම්ම .... මම වොෂ් එකක් දාගෙන එන්නම්. ......."

පඩිපෙල දිගේ උඩට එන එයාගෙ අඩි සද්දෙ ඇහෙනවත් එක්කම පහලට යන්න ආව මම රෑම් එකට ගිහින් දොර වහගත්ත. ....... ඇත්තටම එයා කීවෙ ඇත්තමද ...... ඒක බොරුවක් .....මට හොදටම විශ්වාසයි ඒක බොරුවක්. ...... දෙතුන් පාරක්ම දොරට තට්ටු කෙරැව එයා මම දොර ඇරපු තැන ඇතුලට ආවෙ ඇස් දෙකත් රතු කරගෙනමයි.......වැඩිම විනාඩි යක් දෙකක් එයා මන්දිහා බලන් ඉන්න ඇති මාව එයාගෙ අත් දෙකට තද වුණා. ........ වචනයක්වත් මට කියන්න නොතියම එයා ඉස්සර උනා......

" කොහොමද තුවාල වුනේ. .... .... ඒක නිසා නේද මම ගත්ත වීඩියෝ කෝල් එක කට්කරේ ........මම නාවනම් නොකියම ඉන්නවනෙ...... "

" කිව්වෙ නැත්තෙ කලබල වෙයි කියල..... ලොකුවට තුවාලයක් නෑ...... "

"මොකද වුනේ දැන්වත් කියන්න මැණික. ..... "

" මම බුක් ෂොප් එකට ගිහින් එද්දී වැරදිලා කා එකක හැප්පෙන්න ගියා ..... අහකට පැන්න පාර ලයිට් කණුවක ඔලුව වැදුන. එච්චරයි ..... ...... "

.. තාමත් මාව ඒ පපුවට තුරැල් කරන් උන්න එයා මගෙ කණ ගාවට වෙලා හිමින් මුමුණන්න ගත්ත.....

" දන්නවද මැණික මම ආවෙ උඹව බලන්න ඕන නිසා ....... මම හතර පස් ගමනක්ම අක්කට කතා කරත් උඹ ගෙදර නොහිටිය තැන මගෙ හිතට මහ අමුතු බයක් දැනුන මැණික. ....... ඊටත් පස්සේ මම මගදි කෝල් එකක් ගත්ත වෙලාවෙ උඹ හොදින් ද කියල ඇහුවම අක්කගෙ කටහඩත් එක්ක අමුතු උනා....... මං දන්නව ඒකි කීයටවත් මට කියන්නෑ කියල .......... "

ආදරේ නොකිය ආදරේ දෙන ඒ හිත රිද්දනවට මම මටම හිතින් බැන ගත්තා....... ඇත්තටම අපේ කතාවට මොනවගේ අවසානයක් තියේවිද රත්තරන්. ... එයාගෙ පපුවට තවත් මාව තද වෙද්දී කණුවෙ වැදිල වේදනා දුන්න මගෙ අත ඇදුම් කෑවත් ඊට වැඩිය ඒ උනුසුමට වෙලා ඉන්න තිබුන ආසාවටම වේදනාව දරන් මම එහෙමම උන්න. ..... ඒත් ට්කවෙලාවයි. ... ..... එයාගෙ අත මගෙ උරහිසේ එකසැරේම තදවුනපාර මට නිකන්ම කෙදිරි ගෑවුන.....

Love In My Heart    ( Completed )                           Where stories live. Discover now