"මගේ අම්මයි අප්පච්චියි නැති වෙලා තියෙන්නේ ඇක්සිඩන්ට් එකකින් නෙමේ. ...... ඒක ..... කවුරැහරි  මගේ අම්මයි අප්පච්චිවයි මගෙන් හිතලම උදුරගෙන. ....... උන් ම....ගෙ....න් එයාලව    උදු...ර...ගෙන....... මගෙම උන්   මගෙන්  එයාලව  උදුරගෙන  ........"

 

මගෙ හිතේ තිබුන හැමදේම කදුළු මැද්දින්ම උනත් එයාට කියල දාද්දි පුදුම තරම්  සැහැල්ලුවක් මගෙ හිතට දැනුන. ....... ඇත්තමයි ඒක  මහ පුදුම සැනසීමක්. ..........  බිත්තිය දිගේ රෑටල ඇවිත් බිම ඉදගගෙන හිටිය මන් ගාවින් එයා දණඔබා ගෙන මගේ ඔලුව අතගාන්න ගත්ත........ 

 
"  සුදු මැණික. ........ උඹ කොහොමද මැණික මෙච්චර  දේවල්  ඔය හිතේ තනියම  දරාගෙන හිටියෙ ......... තව ටිකක් ඉවසපන් මැණික ..... ආය කවදාවත්  ඔය ඇස් වලින් කදුළු ගලන්න මම  ඉඩ තියන්නෑ. ........ සත්තයි... "


එතනින් එහා වචනයක්වත් නොකියපු    මම කෙරැව  එකම දේ ඒ පපුවට  ගුලි වෙලා අඩපු එක විතරක්ම උනා ..... හැමදාම  වගේ අදත් මට සැනසීමක් හම්බවුනේ එයා ලගින්  විතරමයි....... ඉතින් තවදුරටත් මම මගේ හිතේ තියෙන හැගීම් හංගන්න ඕනද ....... මම මගේ ආදරේ හිරකරන් ඉන්න ඕනද......

*************************************

   මාස තුනක් ඔව්  ඒක ලොකු කාලයක්. ....ඒත් ආචු ඉතිරි කරල ගිය එකම සාක්ෂිය උනත්  තවමත් මට හොයා ගන්න බැරි වුණා ..... කිසිම  හැගීමක්  නැතුව හිස් අහස දිහා බලාන මම  ඔහේ කල්පනා කරා ...... මේ කාලෙට නෙතූ අක්ක  මම හිතුවටත් වඩා හොදට එයාවයි මාවයි තේරැම් අරන් තිබුන ......ඒ අතින්  මට  දැනුනේ ලොකු සැනසීමක්. ................ ලෙක්චර්ස් හෝල් එකේ ඉදගෙනත් මගෙ හිත තිබුනෙ  වෙන තැනක  වෙනකොට  මම යුනිවර්සිටි  එකෙන් එන්න ආවෙ බුක් ෂොප් එකට යන්න බලාගෙන. .......  අද එයත් මගෙ ලග නැති වෙද්දී  හිතට දැනුනෙ ලොකු පාලුවක්....   ඕන කරපු පොත් ටිකත් අරගෙන  මම කා එක තියෙන තැනට ඇවිදන් එන්න ආව..... හිතුවෙවත් නැති වෙලාවක  මගෙ ඉස්සරහට ස්පීඩ් එකෙන් කා එකක් ආව. ....... බේරෙන්න හිතාන  අහකට පැන්න මන් නතර වුනේ  පාරෙ අයිනෙ ලයිට් කණුවක හැප්පිල ...... වැදුන සැරටම නලල තුවාල වෙලා ලේ ගලන්න වුනා ....... ඔලුවත් අල්ලගෙන  මම නැගිට්ටෙ  අඩුම තරමෙ ඒ  කා එකේ නම්බර් එකවත් බලාගන්න හිතාන. .... ඒත්  පේන තෙක් මානෙක නොවුනු කා එක කොයිතරම්  ස්පීඩ් එකෙන් ගිහින්  තිබුන ද කියල මට තේරැන. ...... මම නැගිටිද්දි  ඩ්‍රයිවර්  උන ගුණසේන අංකල් මගෙ ලගට කලබලෙන්  දුවගෙන  ආව වගේම  මම ඒ පැත්තට  ඇවිදන් ගියා.

  "  අනෙ චූටි  මහත්තයා. ....  දෙයියනේ  මේ ලේත් එනව නේද .......... පිස්සෙක්ද කොහෙද  ........ පාරෙ මනුස්සයෙක්ටවත් යන්න නෑ......... "

" ඔක්කොටම කලින් කියන්නකො ගුණසේන අංකල් ඒ වාහනේ නම්බර් එක දැක්කද.......... "

"  අනේ  චූටි  මහත්තයො........ චූටි මහත්තයා  බිම වැටුන දැක්කම   හදිස්සියට මට ඒකත් බලන්න බැරිව ගියානෙ....... "

"   හරි කමක් නෑ  ...... යමු..... ගෙදර....."

"  අපි මෙහෙමම යමින් ගමන් බෙහෙතුත් දාගෙන යමු නේද චූටි මහත්තයො. ...... නැත්තන් මට ලොකු මහත්තයගෙන් බැනුම් තමා අහන්න වෙන්නේ. ....... "

"   හ්ම්ම්ම්. ........ "

      
    රිදෙන තුවාලෙට වඩා මගෙ හිතේ තිබුනෙ මම නිසා සුරේන් අංකල්ගේ  පවුලෙ අයටත් අනතුරක් වෙයි කියන බයක්. ....... ඒත් ඒ ඇක්සිඩන්ට් එක  වැරදීමක්නම්  ..... ඒ හිටියෙ උන් නෙමෙයිනම්....... මම බොරැවට කලබල උනාද මන්ද. ...... කොහොමත්  ඉක්මනට ම ඒ සාක්ෂිය මම හොයාගන්න ඕන. .......

         
*******

😀 I wish you happy Christmas   day ....... 🎅❄


😊 හායි ලමායි  හුග කාලෙකට  පස්සේ නේද ......... ඕතරිය exam එකට පාඩම්  කරනවනෙ ඒකයි ඉතින්  දෙන්න  බැරි වුනේ. .... 

😃  මේක නත්තල් ගිෆ්ට්  එකක් හැටියට  දුන්නෝ........



Love In My Heart    ( Completed )                           Where stories live. Discover now