මන් මොනව කියන්න ද රත්තරන් උඹට මගෙ හිත උඹටත් වඩා විදවනව කියන්නද මේ හිතම උඹටම විතරක් ආදරෙයි කියන්න ද .... හැමදාටම මේ හිත ඔයාගෙම විතරක් කියන්නද..... මම අසරණයි මගෙ සුදු මහත්තයෝ..... ඔය පපුව අස්සෙ හැංගෙන්න මම කොච්චර පෙරැම් පුරනවද.... ඒත් ඒ වාසනාවන්තය මම නෙවෙයි ....... දැනටමත් ඔයා වෙන කෙනෙක්ට අයිති වෙලා......... .

මම හැරැණ....... හරියටම ඊයෙ වගේම උත්තරයක් නොදී එන්න ආව.... මම දන්නවා එයත් විදවනව මමත් විදවනව......

එලියෙ බෙන්ච් එක උඩට වෙලා මම ඔහේ ඉදගෙන හිටිය අද කොහොමත් නිවාඩු දිනයක් හෙට ඉදගෙන ආයෙමත් යුනිවර්සිටි යන්න වෙනවනෙ......... රැග් සීසන් එකත් ඉවරයිනේ. ..... ඊයෙ මුලු රෑ ම නින්ද අහලකවත් නොතිබුණු කොට ඒ හින්දම ද මන්දා මගෙ ඇස් දෙකට මහ බර ගතියක් දැනුන..... මට එහෙමම ඇස් පියවුන......... කොච්චර වෙලාවක් එහෙම හිටියද මන්ද ..ඒ කොහොම උනත් නින්දත් නොනින්දත් අතර හිටිය මම ආයෙමත් ඇහැරැනෙ මගෙ කොණ්ඩෙ අස්සෙන් එහාට මෙහාට වෙන අතැඟිලි වලට.....

"සුදු මැණික. ....... "

එයා හිමීට මුමුණනව..... ඇහැරිල උන්නත් එයාගෙ උකුල උඩ ඔලුව තියාගෙන ඉන්න තිබුන ලෝබ කමටම මම නිදි වගේම උන්න.......මට හිතාගන්න බෑ එයාගෙ ආදරේ...... අපි හරියටම හිටියෙ ගෙදර මිදුලෙ තිබුනු බෙන්ච් එකක ...... ගෙදර ඉන්න ඕනම කෙනෙකුට මෙතන හොදට පේනව ..... ඒත් කිසි බයක් සැකක් නැතුව එයාගෙ ඔඩොක්කුවේ ම මගෙ ඔලුව තියාගෙන අතගානව ....... කවුරැහරි දැක්කොත් මොනා වෙයිද කියලා නිකමටවත් ඔයාට හිතෙන්නේ නැද්ද රත්තරන්........ මට නැති වෙන්න කිසිම දෙයක් නැති උනත් උඹට නැතිවෙන්න වටිනගොඩක් දේවල් ලග තියෙනවා ..... මම නිසා උඹට අයිති කිසි දෙයක් නැති කරගන්න එපා ........ හිතකින් නොවුනත් මම ඒ හින්දම නැගිට්ට. .........

" පිනි වැටෙනවනෙ මැණික..... ගේ ඇතුලට යමු.... නැත්තන් අසනීප වෙයි ....... "

ඔව් .......නුවර අහසම කලු ගැහිල ඔන්න මෙන්න අතඅරින්න හදන වැස්සකුත් එක්ක පිනි බින්දු හලන ඒ අහස යට එයා මට තාත්තෙක් වගේ උනා... මාව පොඩි එකෙක් ගානට දාල කතාකරද්දි පවා මට දැනුනෙ ඒ වචන වල තියෙන ආදරේ විතරක්ම වෙනකොට එයා ගැනවත් නොහිත මම ගැන හිතන ඒ හදවත ඉස්සරහ උපරිමේටම මම අසරණ උනා.... එයා ඉස්සරහම මගේ ඇස් වලින් කදුළු කඩන් වැටුනෙ හිතට දැනුන ඒ හැගීමට වෙනකොට . ... ...... මම කරේ මගේ ආදරෙන් පැනල යන එක..... මම දිව්වා. ..... එයා මට කතා කරා...... වෙන මොකවත් නෙමේ සුදු මැණික කියල කතා කරා. ...... ....

Love In My Heart    ( Completed )                           Where stories live. Discover now