අමනාප වෙන්න හොදනෑ ඇත්තමයි
ප්‍රේමිය...........
සොදුරු මුවට අදුරැ වලාවක් ඇවිත් අද.....
ඔය දෑසෙ කදුලැල් මුතු වාගෙ බැබලී.....
ගිලිහෙන්න ලං ලංව තිබුනාට
යුග නෙත් අගින්.......
සනසාල ඔය දෑත පා මාව පිලිගන් ඉතින් ....
වරදක් කලේ නෑ කරන් නෑ හීනෙන්වත් ඉතින්. ......

ගී නාදේ මගේ ඇසුවාම මත් කෙවිලියන් එන්නෙ නැතිවාද........
කවදාහෝ.. දගපාන මත්කෙවිලියන් එක්ක රැගුවාද........
සුරංගනාවිය ඔයා මගේ පණ අමරස දෙන මී බිද ඔබ.........
බොරදිය බොන්නේ නෑ මම මී බඳුනට ආසයි තව............

සැක සංකා එපා කිසිදාක පීදෙන්න ඔය ආදරේ මල් මැදින්.........
අපි වින්ද ආදරේ මිහිර විදිමූ තුටින් මියෙන තාක්කල් ඉතින්
හදාගන්න හිත දකින්න මගෙ හිත උතුරා ගලනා සෙනෙහස......
ආදරයේ දෙව්දුව මම හැමදාමත් ඔබගේ ලග...............

අමනාප වෙන්න හොදනෑ ඇත්තමයි ප්‍රේමිය. .......

බොරදිය බොන්නේ නෑ මම මී බඳුනට ආසයි තව............
ආදරයේ දෙව්දුව මම හැමදාමත් ඔබගේ ලග. .....................
බොරදිය බොන්නේ නෑ මම මී බඳුනට ආසයි තව ............

නීෂා අක්කා ගාව නතරවෙන්න ඕන ඇස් දෙක මගෙ ගාව විතරක් හරි ආදරෙන් නතර වෙලා තිබුන....... ඔය ඇස් දෙක ඉල්ලන ආදරේ මට දෙන්න බෑනෙ . .......
ඇත්තටම එක්කො ආදරේ කරන මිනිස්සු එකට මුණ නොගැහෙන්න ඕන... නැත්තන් ඒ ආදරේ මුලු ජීවිත කාලෙටම තමන්ට ලැබෙන්න ඕන. ..... එහෙම වුනානම්. ......... මම කොච්චර වාසනාවන්තයිද .....

එයාල හැමෝම සින්දුව රසවිදිනව.... ඒත් මගෙ හිත නැවතිලා තිබ්බේ ඒ තුවාල වුනු අත ලග.... වේදනයි කියල දැන දැනම ඇයි රත්තරන් තමන්ටම රිද්දව ගන්නෙ.... මගෙ ලගින් ඉදගෙන හිටිය නෙතූ අක්කත් එයාගෙ අතේ තුවාලෙ දැකල කියල මට තේරැනෙ ඒ දෙන්නගෙ කතා බහෙන් ....
......

"කේශූ අනේ බලන්නකෝ මල්ලිගෙ අත ... තුවාල වෙලානෙ......ඉන්න මම ගිහින් එක්ක එන්න. ..තුවාලෙත් එක්ක කොහොමද මන්ද මේ කොල්ල ගිටාර් ප්ලේ කරන්නෙ........ "

"එපා නෙතූ ....... "ඔයාට පේන්නැද්ද මල්ලිගෙ ලොකු අමුත්තක්..... "

" අද උදේ ඉදලම වගේ එයා ටිකක් දුකින් වගේ හිටියෙ.... ඒත් මන් අහන්න ගියේ නෑ. .... "

"ඒකට කමක් නෑ දැන්.... ඔයා දන්නවනෙ කොල්ලගෙ හැටි ඌ හිතට දුකක් දැනුනම තමා ඔය විදියට පිස්සු කෙලින්නෙ ... තුවාලෙත් පැත්තකට දාල ගිටාර් එක ප්ලේ කරලවත් සැනසීමක් ලැබෙයිද බලමුකෝ. .... හිමින් සැරේ මේ ගැන අහමු.... ඒකනෙමේ මතකද මන් ඔයාගෙන් දවසක ඇහුව මල්ලි කාට හරි ආදරේ කරනවද කියලා.... "

" හ්ම්ම්ම් ඔව්..... මම නෑ කියලා කීවෙ.... ඇයි"

" මතකද එදා මම දුන්න උත්තරේ..... කවද හරි දවසක ඔයාගෙ මල්ලී ආදරේ කරන්න ගත්ත දවසට ඌ පිස්සුවෙන් වගේ ඒ කෙනාට ආදරේ කරයි කියල කීව.... දැන් ඌ ආදරේ කරනව.... ඒක ඒ ඇස් දෙකෙන් හොදට පේනව....... නේද අනූ මල්ලි. ...... "

එයාල දෙන්නගෙ කතාව අවසන් උනෙ මගෙන්.... කේශාන් අයියා මගෙන් අහනව ඒ ඇස් දෙකෙන් ආදරේ පේනවද කියල..... ඔව් මට පේනව .. ඒ ඇස් දෙකේ ආදරේ උතුරනව.... ඒත් ඒ ආදරේ ලබන්න බැරි මම විදවනව කියල දන්නෙ මංම විතරයි..................


*************************************

උදේ වෙද්දි අනිත් හැමදේම සුපුරුදු වෙලා..... අදුර මකාගෙන සෙංකඩගල අහසටත් ලස්සනට ඉර පායල තිබුන.... ඒත් මගේ හිත වැහිල තියෙන අදුරැ කලුවර නැති කරන ඉර කවදාකවත් පායන එකක් නැති වේවි....... උදේ....දවල්..... ඔව් දවල් වෙනකම්ම මම කවීෂ අයියව දැක්කෙ නෑ... .... ....... මම පහලට ගියා නෑ ඇත්තටම යැවුන ....මට ඕන වුනේ මගෙ කොල්ල කොහෙද බලන්න. ...... එයා මාව නොදැක්කට කමක් නෑ මට විතරක් එයාව දකින්න ඕන උනා. ....... තුවාලෙ හොදද බලන්න ඕන උනා. ..........

"බලන්නකෝ පුංචි මහත්තයා සුදුමහත්තයා උදේට කෑවෙත් නෑ ..... දවල්ට කෑවෙත් නෑනේ මොකක් හරි අසනීපයක්ද දන්නෑ. ..... "

කෑම එකත් විමලඅම්මගෙන් අතට ගත්ත මම එයාගෙ රෑම් එකට ගියා. ..... හරියට මම එයි කියලා බලාපොරොත්තුවෙන් වගේ ඒ ඇස් දෙක මග නතර වෙලා. ..........

" කෑම කන්න "

" එපා මට බඩගිනියි නෑ............ "

" උදේට කාලත් නැතුව කොහොමද බඩගිනි නැතිවෙන්නේ "?

"හරි .. එහෙනම් මන් කනව ..... හැබැයි මට කවනවනම් විතරක්. ...... උඹට මට කවන්නවත් බැයිද මැණික. ........... ."



😆අදට ඔස්සලායි ලමායි
.....
😁 කම්මැලිකමට මොනා හරි කොටාගෙන යන්නෝ. .....

Love In My Heart    ( Completed )                           Место, где живут истории. Откройте их для себя