ඇදුමකුත් දාගෙන   රෑම්  එකෙන් එලියට ගිය මම මුලු ගාඩ්න් එකම පේන නිසා බැල්කනි එකට ගියා වෙනකොට ඈතට පේන දළදා වහන්සේ දිහා බලාගෙන හිටිය ....... ඇත්තටම හිත සන්සුන්  කරන්න පුළුවන්  හාස්කමක් දලදා වහන්සේට තියෙනවා. ........

"  පුතා  මොකද දරැවො  තනියම  මෙතන....."

  " අංකල් ....... මෙතනට  ලස්සනට දලදා වහන්සේ පේනව ඒක නිසා  මම නිකමට වගේ  මෙතනට ආව..... ඒක නෙමේ  අංකල් අද වෙනදට වඩා  ගොඩක්  සතුටින් වගේ ..... "

   " එහෙම පේනවද දරැවො ....... පුතා දන්නවද අවුරුදු  ගානකට පස්සේ    මට අද  මගෙ අක්කව හම්බවෙනව ..... මේ අවුරුදු  ගානම හරියටම කීවොත්  මම මාලිනීව  කසාද බැදපු දවසෙ ඉදල මේ වෙනකන්ම  අපි අතර කිසිම  කතාබහක්  උන් නෑ. .... ඒකට හේතුව  මගෙ තාත්තා .... එයා මාලිනීව මම කසාද බඳිනවට පොඩ්ඩක්වත් කැමත්තෙන් හිටියෙ නෑ. ... මොකද  මාලිනීගෙ පවුලෙ අය  වැඩිය වත්පොහොසත්කම් තිබුන අයනෙමේ පුතා ......  අපෙ තාත්තා මාත් එක්ක  කොච්චර තරහෙන් හිටියද කීවොත්  අක්කටවත් මාව බලන්න එන්න දුන්නෑ....... තාත්තා නැති වෙන්න  කලින් මගෙන් ඉල්ලපු එකම ඉල්ලීම  සුදු පුතාට නීශා දුවව  මැරි කරවන්න කියන එක. ..මේ මෑතක්  වෙනකන්ම  ඒක සුදු පුතා  උනත්  දැනන් හිටියෙත් නෑ.... ඒ කොහොම උනත්  ඒ දෙන්න මැරි  කරන  එක තමා මගෙ එකම බලාපොරොත්තුව ඒ වගේම  සතුට පුතා . ..... "


    අංකල්ගේ වචනයක් වචනයක් ගානෙ මගෙ මුළු  හිතම කඩාගෙන වැටෙද්දී  ඇස් වලින්  ගලන්න යන කදුළු මන් අමාරැවෙන් නවත්තගත්ත.... .....

"  පුතා යමු පහලට තව ටිකකින් කේක්  එක  කපයි....."

    "මම..... ත..ව ටිකකින්  එන්නම්. ... අංකල් යන්න ...... "


   අනෙ මගෙ  ආචූ...... ම..... මං ...  ආදරේ කරපු එක වැරැද්දක් ද  ........     ......  අවසානෙට  මගෙ ලග ඉතරි වුනේ සෙංකඩගල අහස විතරක් වෙද්දී   මගෙ කදුළු වලට  සාක්ෂි සෙංකඩගල අහසටම  දිය කරා.....මම දන්නවා උඹ මන් නැතුව  ගොඩාක්  දුර යාවි .... මම මගේ හිතත් එක්ක උඹ ගැන ගොඩනගපු හැම හීනයක්ම  පොදිබැදගෙන ඈතට යනව රත්තරන්. ........

  නෙතූ  අක්ක කේක් එක කපනකොට  මම පහලට ගියා ......  කේශාන් අයියගෙ  මමීයි ඩැඩීයි  වගේම  අංකල්ගේ අක්කත්  ඇවිත්  හිටිය  වෙනකොට  ඒ මුලු පවුලෙම පිරිල ඉතිරිල  යන සතුට මම දැක්කා.... ඔයාල හැමෝම හැමදාම ඔහොම  සතුටින්  ඉන්න  ඕනෙ ...මම ඒදේ ලබන්න පින්කරල නැතත් ඔයාල  නිසා මම ඒ සතුට අත් වින්ද. .... දන්නවද. ...... මම ඔය දෙන්නටම ගොඩක්  ණයගැතියි.....

Love In My Heart    ( Completed )                           Where stories live. Discover now