"පුතා. ....... පුතා. ......."

"සුරේන් අංකල් ? ...."


රෑම් එකේ දොර ගාවින් ඇහුනෙ අංකල්ගේ කටහඩ වෙද්දී මම ගිහින් දොර ඇරියා. .....


" අංකල්...... ....."

"දැන් උණ අඩුද දරැවො ...... පුතා රෙස්ට් කරනව ඇති කියලයි කරදර කරන්න ආවෙ නැත්තෙ ...... ගොඩක් අමාරු නම් බෙහෙත් ගන්න යමු දරැවො........"

"ඕන් නෑ අංකල් එහෙමටම අමාරැවක් නෑ දැන් ....... "

"එහෙනම් පහලට යමු දරැවො ඩිනර් එක ගන්න ...... පුතාට අද අදුන ගන්න ගොඩ දෙනෙක් පහල ඉන්නව...... "

" හ්ම්ම්ම්. ..... යමු....."


අංකල් එක්ක පහලට ගිය මන් කෑම මේසෙ ලග නතර වුනා වෙද්දී බිම බලාගෙන හිටිය මම ඔලුව උස්සල බැලුව. ....... වටේම හිටිය හැමෝගෙම ඇස් මගෙ ලග නතර වෙලා. ..... ......

"ආ පුතාල ...... මේ ඉන්නේ මගෙ පුංචි කාලේ ඉඳන් හිටිය හොඳම යාලුවෙක්ගෙ පුතෙක්. ..... "

"හෙලෝ. ....... ?"

හැමෝම වගේ මට එයාලව ඉන්ටර්ඩියුස් කරල දෙද්දී මමත් එයාලට මාව හදුන්වා දුන්නා...... හැමෝම වෙනදවගේම කෑම මේසෙ වාඩිවෙලා උන්නා ඒත් පොඩි වෙනසක් එක්ක නෙතූ අක්කා ලගින් කේශාන් අයියා වාඩිවෙලා හිටිය වෙනකොට බැල්කනි හොරා ලගින් ඉදගෙන හිටියෙ නීශා හෙයිලි රන්දුනු බණ්ඩාර උන නෙතූ අක්කා කීව බැල්කනි හොරාගෙ future wife ...... කන්න ගිය බත් කටත් උගුරෙන් පහලට යන්න හිත නොදුන්නෙ බැල්කනි හොරා ලග ඇලි ඇලී ඒ කෙල්ල ඉන්නවා දැක්කම වෙද්දී මට දැනෙන හැගීම මටම තේරැම් ගන්න බැරිව ගියා...... ඒක දුකක් ..... ඩිනර් එක අරගෙන එද්දී බැල්කනි හොරා මට කතා කරා උනත් මං ඇහුනෙ නෑ වගේ රෑම් එකට ඇවිත් දොර වහගත්ත. ....

අල්මාරියෙන් ආචුගෙ ඩයරි එකක් නෙමේ දෙක තුනක්ම තිබ්බ වෙනකොට ආච්චි අම්ම තරැණ කාලෙ ලිව්ව ඩයරිය අතට ගත්ත මම ඒක කියවන්න ගත්ත වෙනකොට මුලින්ම මම දැක්කේ හරි ලස්සනට ලියල තියෙන ආචුගෙ නම .........

"අනීතා මැණිකෙ සුරවීර "

සුරවීර ඒ තමා ආච්චි අම්මගෙ වාසගම පස්සෙ ඒක වික්‍රමසිංහ උනා..... හරි ලස්සනට ගලාගෙන ගිය ආදර කතාවක් ආච්චි අම්මට තිබිල නැති උනත් ඒ හිත පිරෙන්න සීයට ආදරේ දීල තිබුන කියල ඩයරි එක අවසන් කරපු මට හිතුනා. .....ඒත් .... ආච්චි අම්මට සීය ගැන දැනුනු ඒ හැම හැගීමක්ම මට දැනෙන්නෙ බැල්කනි හොරා ගැන....... වෙද්දී මෙච්චර කල් මටම තේරැම් ගන්න බැරිව මම ආදරේ කරල තියෙන්නෙ බැල්කනි හොරාට කියල තේරුම් ගියා. ........ ඒත්....... මම වගේම එයත් පිරිමියෙක්. ... මම කොහොමද ඒ මනුස්සයාට නෑ නෑ දෙවියන්ගේ අනේ මට දැනෙන මේ හැගීම ආදරයක් වෙන්න එපා........... ආච්චි අම්මගෙ ඩයරි එක පපුවට තුරැල් කරගත්ත මම හිතේ තියෙන හැමදේම ආචුගෙ ඩයරි එකට කීව......


Love In My Heart    ( Completed )                           Where stories live. Discover now