clg 02- The Last Home (part 2)

Начните с самого начала
                                    

"අපි දෙන්නයි

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.

"අපි දෙන්නයි... මගේ ගණනය කිරීම් වලට අනුව නම් 2ට 50යි... මොන විකාරයක්ද මේ? එයාලා අපිව අල්ලන් හිර කරන්නද හදන්නේ?"

"මාගේ පුංචි මිත්‍රයන් කිසිම හේතුවකට බය වෙන්න අවශ්‍ය නැහැ... මොවුන් තබා තිබෙන්නේ ආරක්ෂාවටයි ඔවුන් ඔබලාට කරදර කරන්නේ නැහැ..."

අවුරෝරාට හා ටිම්බල් ට වඩා අඩියක් පමණ උස කඩවසම් ජීවියෙක් ඔවුන්ගේ ඉදිරියට පැමිණ කතා කරා. අවුරෝරා ගේ මුහුණ එළිය වුණේ තමා අලුතෙන් දැක්ක මිනිසාගේ හැඩරුව ඉතාමත් සිත් ඇදගන්නා සුළු වුණ නිසා. ඒත් මිනිසා පවසන එක වචනයක්වත් ඔවුන්ට තේරුනේ නැහැ.

"ටිම්බල්... සංවේදක භාවිතා කරන්න... පැරණි පෘථිවිය..."

"හොඳයි...."

ටිම්බල් තමාගේ දිගැටි කන මත තිබූ කුඩා සංවේදකයක් ක්‍රියාත්මක කළා. ඒ අවුරෝරා ව අනුගමනය කරමින්. ඉන්පසු ඔවුන්ට මිනිස් යානයේ වූ ජීවින් පවසන සෑම වචනයක් පාසාම ඔවුන්ට තේරුම් ගත හැකි වූවා. ඒ වගේම ඔවුන්ට එම භාෂාවෙන් පිළිතුරු දීමට ද හැකියාවක් සංවේදක මගින් ඇතිවූවා.

"අපි පැමිණියේ ඔබලාගේ විස්තර දැන ගැනීමටයි. අප ලෝකයේ ජීවීන් ඔබලාගේ විස්තර දැන ගැනීමට ඉතා කැමැත්තෙන් පසු වනවා... විශේෂයෙන්ම මම හා ටිම්බල්..."

අවුරෝරා සිනාමුසු මුහුණෙන් කීවා. ඇයගේ සුහදශීලී කතාබහට කඩවසම් පුද්ගලයාගේ සිත ඇදී ගියා කිව්වොත් හරි. ඉතින් කඩවසම් පුද්ගලයා තීරණය කළා පුංචි සක්වල මිතුරන් දෙදෙනා ව ප්‍රධාන අංගනයට එක ගෙනයෑමට... ප්‍රධාන අංගනයට යන අතරමඟදී කඩවසම් පුද්ගලයාට සිදු වූ අවුරෝරා ගේ නිමක් නැති ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්න... ඇය මිනිසා පිළිබඳ බොහෝ අධ්‍යනය කළ කුඩා විද්‍යාඥවරියක්. මිනිසාවත් නොදන්නා මිනිසා ගැන තොරතුරු ඇය සතුව තිබුනා. ඇයගේ බුද්ධිය ගැන කඩවසම් මිනිසාට තිබුණේ රසිකත්වයක්. ඔහු දැනටමත් ඒ කුඩා විද්‍යාඥවරිය ගේ රසිකයෙක් වී අවසන්... එහෙත් අවුරෝරා ගේ මේ නිමක් නැති ප්‍රශ්න මඳක් කරදරකාරී නොවුණාම නොවේ.

The illution Of Thought Место, где живут истории. Откройте их для себя