clg 02- The Last Home (part 1)

ابدأ من البداية
                                    

"මේක බැලූ බැල්මට නම් පිස්සු වැඩක් තමයි වැඩක් තමයි ඒත් මේක තමයි කරන්න තියෙන හොඳම දේ..."

"මොකක්ද ඔයාගේ පිස්සු අදහස ටිම්බල්...?"

ටිම්බල් සිනහවෙමින් අවුරෝරා ගේ උරහිස මත අතක් තැබීය. ඉන්පසු ඔහු මතක ගොනු දෙස බලමින් කතා කරන්නට විය.

"අපි යමු ක්ෂීරපථයට... ගිහිල්ලා පැරණි පෘථිවිය සොයා ගමු. මිනිසාගේ විස්තර සොයාගන්න නම් අපිට මිනිසාගේ නවාතැන වෙත යාමට සිද්ධ වෙනවා."

අව්රෝරා දෑස් විසල් කොටගෙන ටිම්බ දෙස බැලුවාය. ඇය සිටියේ පුදුමයෙන්. එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පිස්සුවකි. අර්ධ වශයෙන් විනාශ වූ ක්ෂීර පථය යනු විශ්වයේ භයානකම තැන් වලින් එකකි. ඒ බව දැන දැනම මරු කටට යාමට තරම් ෆොලිට්ස් වරුන් මෝඩද? එහෙම නම් නැහැ. ඒත් ඔවුන් අවදානම් ගන්නට බිය නොවූ ජීවීන් කොට්ඨාසයක්.

"එච්චර අවදානමක් ගන්න බැහැ අනික අපට අවසර පත්‍රයක් වත් බලපත්‍රයක් වත් නැහැ. එහෙව් එකේ කොහොමද අපි අපේ මන්දාකිණියෙ. එළියට යන්නේ... අනික ඒකත් මහා භයානක ක්ෂීර පථයට... අපි මේක ගැන මීට වඩා බරපතළ විදිහට හිතන්න ඕන ටිම්බල්... මේක සෙල්ලමක් නෙවෙයි."

"මම දන්නවා මේක සෙල්ලමක් නෙවෙයි කියලා. ඒත් අපිට කරන්න තියෙන හොඳම දේ මේක... ඔයා හිතනවද මේ තියෙන කෞතුකාගාර මතක අවුරුදු අවුස්ස අවුස්ස අපිට මිනිසා ගැන තොරතුරු හොයාගන්න පුළුවන් වෙයි කියලා? ඒක නිකම් පුහු අදහසක් විතරයි..."

ටිම්බල්ගේ වචන වල ඇත්තක් තිබේ. මේ තියෙන මතක ගබඩා වල මිනිසාගේ තොරතුරුවලින් අල්පයක් වත් නැත. හරිම විස්තර සොයාගන්න නම් ඔවුන්ගේ නවාතැන වෙත යා යුතුමය. මද වේලාවක් කල්පනා කළ අවුරෝරා නැවතත් කතා කිරීමට පටන් ගත්තා ය.

"හොඳයි එහෙනම් අපි කොහොමද ක්ෂීරපථය ට යන්නේ...? මට තියෙන ලොකුම ප්‍රශ්නය ඒක..."

"මට අදහසක් තියෙනවා..."

"කලින් වගේම පිස්සු අදහසක් ද?"

අවුරෝරා ඇහුවේ හිනාවෙමින්... ඇයගේ සිනහවට සිනහවකින් ප්‍රතිචාර දැක්වූ ටිම්බල් ඇයවත් එක්කගෙන මතක ගබඩාවෙන් එළියට පැමිණියේය. ඔවුන් කෙළින්ම ප්‍රවිෂ්ඨ වූයේ මෙට්‍රො බීජිං නගරයේ වීදි පද්ධතියටයි.(pic 7)
වීදි පද්ධතියේ සිට teleporter ගමන් ක්‍රමය ඔස්සේ කෙලින්ම අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ඔවුන් පිවිසුණා. ඒ තත්පර කීපයක් ඇතුළතයි. බීජිං අභ්‍යවකාශ මධ්‍යස්ථානය අවුරෝරා ගේ අනාගත බලාපොරොත්තු වලින් එකක් උනා.
ඉතින් ඇය මේ උත්කෘෂ්ඨ නවාතැන්පලට ඉතාමත් ප්‍රිය කළාය. ෆොලිටා ග්‍රහලෝකයේ හොදම රැකියා හිමියන් තම රැකියාව සිදු කරන්නේ මෙවැනි අභ්‍යවකාශ මධ්‍යස්ථාන වල වීම සැම දෙනා අතර ප්‍රසිද්ධ රහසකි. කවදා හෝ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක සේවයට යෑම අවුරෝරා ගේ අනාගත බලාපොරොත්තුව විය. එමෙන්ම හඳුනා නොගත් ග්‍රහලෝක ගවේෂණය කිරීමත්, පැරණි ජීවීන් පිළිබඳ විස්තර සෙවීමත්, නව ජීවී විශේෂ සොයා යෑමත් ඇයගේ අනෙකුත් බලාපොරොත්තු වේ.

The illution Of Thought حيث تعيش القصص. اكتشف الآن